මෙරට වයස අවුරුදු 10ත් 24ත් යන වයස්වල පසුවන නව යොවුන් සහ යොවුන් විය ගත කරන පිරිසෙන් සියයට 39කට විෂාදය (Depression) බව මෙරට විශේෂඥයන් කිහිපදෙනෙකු විසින් කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.
ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රජා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය ඉනෝෂ අල්විස්, කැලනිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය වෛද්‍ය ඒ.කේ.ඒ.බී බමිනිවත්ත සහ එම විශ්වවිද්‍යාලයේ ම මහාචාර්ය මියුරු චන්ද්‍රදාස යන අය විසින් කරන ලද පර්යේෂණයකට අනුවයි.
ජර්මනියේ Social Psychiatry and Psychiatric Epidemiology නම් සඟරාවට සම්පාදනය කරන ලද පර්යේෂණයක් හරහායි මෙම ආන්දෝලනාත්මක අනාවරණය සිදු කර ඇත්තේ.
අදාල පර්යේෂණය සඳහා සාමාජිකයන් 52,778කගෙන් සැදුම් ලත් නියැදියක් යොදා ගෙන තිබූ අතර වසර 20ක අධ්‍යන කාලසීමාවක් තුළ අදාල පර්යේෂණය සඳහා සිදු කර ඇති අධ්‍යනයන් ගණන 33ක්.
එම පර්යේෂණවලින් ලැබුණු දත්ත හා නිරීක්ෂණ මත පදනම් ව පර්යේෂණ කණ්ඩායම විසින් එළඹ ඇති ප්‍රධාන නිගමනයන් අතර මෙරට වයස අවුරුදු 10ත් 24ත් යන වයස්වල පසුවන නව යොවුන් සහ යොවුන් විය ගත කරන පිරිසෙන් සියයට 39කට විෂාදය පවතින බවත් ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් සියයට 19.1ක පිරිසක් විෂාදයෙන් පෙළෙන බවත් අනාවරණය කරගෙන තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…