පසුගියදා ගුවන් තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ පර්යන්තය හරහා හොර රහසේ රත්රන් හා ජංගම දුරකථන තොගයක් ගෙනැවිත් නීතියේ රැහැනට කොටුවූ මන්ත්‍රී අලි සබ්රි රහීම්ට හිමි අතිවිශේෂ අමුත්තන්ගේ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමට අවශ්‍ය නීති පියවර ගන්නා මෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
මෙම සිද්ධියෙන් අනතුරුව දඩ මුදල් ගෙවා ඔහු නිදහස් වූ අතර පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ මන්ත්‍රීවරයාට එරෙහිව වහාම පියවර ගන්නා ලෙසයි.
මේ අනුව කරුණු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව කථානායකවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ මන්ත්‍රීවරයාට ගුවන් තොටුපොළේදී හිමිවන අතිවිශේෂ අමුත්තන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමට අදාළව නීති හා උපදෙස් ලබාගෙන සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුවේ මතය ද විමසා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…