හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට කොළඹ ස්ටැන්මෝර් චන්ද්‍රවංකයේ පිහිටි රජයේ නිල නිවසක පදිංචියට ගොස් ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.
එම පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වුණේ, හිටපු ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති මෙම නව නිල නිවාසය ඔහුගේ සහෝදරයා වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ද පදිංචිව සිටි නිල නිවාසයක් බවයි.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයාගේ සහ ගුවන් හමුදාපතිවරයාගේ නිල නිවෙස්වලට යාබදව පිහිටා ඇති මෙම නිල නිවස්නය විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි යටතේ මීට පෙර තිබී ඇති අතර එය ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පැවරීමේ දී ඒ සඳහා ඔහුගේ එකඟතාවය ලැබී ඇතැයි එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වුණා.
හිටපු ජනාධිපතිවරයා නව නිල නිවෙස වෙත යාමට හේතුව ලෙස එම පුවත් වාර්තාව සඳහන් කර තිබුණේ කොළඹ මලලසේකර මාවතේ ඔහුට වෙන් කර තිබූ නිල නිවෙස ඝෝෂාකාරී පරිසරයක පැවතීම බවයි.
මේ අතර හිටපු ජනාධිපතිවරයා තමන් ධූරයේ කටයුතු කරන විට සිටි ආරක්‍ෂක බල ඇණිය ම ඔහුගේ ආරක්ෂාව සඳහා රඳවා ඇති බවට එම පුවත් වාර්තාව වැඩිදුරටත් අනාවරණය කරන අතර එම ප්‍රමාණය සියයකට අධික බවයි එහි සඳහන් වූයේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
Why should the country spend so much to maintain the person who destroy the country. If a government employee resigned from the job before retirement he is not entitled for pension but this rule is not applicable for politicians. A commission should be appointed to decide whether this fellow is entitled for any benefits from the government. He vacated the post after destroying the country. He should be punished along with Cabral ,Jayasundere and Basil