එක්සත් ජනපදයේ මේ වන විට පැතිරෙමින් තිබෙන HMPV නම් තවමත් ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති, මාරාන්තික විය හැකි වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සෞඛ්‍ය අංශ සීරුවෙන් පසුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය අන්වර් හම්දානි සඳහන් කරයි.
විදේශ රටක පැතිර යන ඕනෑම නව රෝගයක් ශ්‍රී ලංකාවට තර්ජනයක් විය හැකි බැවින් අමාත්‍යාංශය සැමවිටම සීරුවෙන් සිටින බවත් එක්සත් ජනපදයේ පැතිර යන වෛරසය සම්බන්ධයෙන් වසංගත රෝග අංශය නිරීක්ෂණය කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
එක්සත් ජනපදය පුරා මෙම වෛරස පැතිර යන නමුත් ඒ පිලිබඳව අප දැනුවත් වීම හා සෞඛය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමන කිරීම වැදගත් යැයිද හෙතෙම පෙන්වා දුන්නේය.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රකාශකයෙක් සදහන් කලේ මෙය කොවිඩ් වසංගතය මෙන් ශ්වසන රෝගයක් ලෙස පැතිර යා හැකි බැවින් කල්පනාකාරි විම වැදගත් බවයි.
ප්‍රතිකාර සඳහා දැනට එන්නත් හෝ ප්‍රතිවෛරස් ඖෂධ නොමැති Human metapneumovirus හෝ HMPV නමැති වෛරස මාර්ගයෙන් වැළඳෙන ශ්වසන රෝගයක් අමෙරිකාව හදිසියේ ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති බවද ඔහු පෙන්වාදේ.
එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පෙන්වා දී ඇත්තේ මේ සදහා කළ හැක්කේ රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාරයන් ලබා දීම පමණක් යැයිද එම ප්‍රකාශකයා පැවසුවේය .
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…