සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරියෙකු අතර යාපනයේදී ඇතිවූ බහින්බස් වීමේ සිද්ධියට මැදිහත්වූ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ වඩමාරච්චි – නැගෙනහිර ප්‍රදේශයේ සංවිධායක ලෙස කටයුතු කරන ඇය කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කෙරුණු අතර එහිදී නියෝග කෙරුණේ ඇයව අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.
මෙම මතභේදාත්මක තත්ත්වය ඇතිවුණේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා යාපනය – වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ ජන හමුවකට පසුගිය 02 වනදා සහභාගි වු අවස්ථාවේයි.
එම ජනහමුව පැවති ස්ථානයට යාබදව සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබූ අතර මන්ත්‍රිවරයා මෙලෙස බහින්බස්වීමක් ඇති කරගෙන තිබුණේ එහි ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියෙකු සහ බුද්ධි අංශ නිලධාරියෙකු සමගයි.
බුද්ධි අංශ නිලධාරියෙකු විසින් තමන්ට වෙඩි තැබීමට උත්සහ කළ බවට සිද්ධිය පිළිබද සමාජ මාධ්‍යයට තොරතුරු එක්කරමින් මන්ත්‍රීවරයා චෝදනා කළා.
කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට අද පෙරවරුවේ කරුණු වාර්තා කරමින් පොලිසිය සදහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ අදාළ සැකකාර කාන්තාව පොලිස් රාජකාරියට බාධා සිදුකළ බවයි.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අද අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහුද අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය සදහන් කලේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…