ශ්‍රී ලංකා

පොලොන්නරුව කන්දකාඩු යුද හමුදා ගොවිපලේ වන අලියෙක් මරා වළ දමලා – සිරුරු කොටස් හංගන්න මයිල කොළ වලින් වහලා !

පොලොන්නරුව කන්දකාඩු යුධ හමුදා ගොවිපොළ භූමියට අයත් ඉඩමක මරා වල දමා සිටි වන අලියෙක් සොයා ගත් බව සෝමාවතිය වනජීවී නිලධාරීහු සඳහන් කරයි.

මීට දින දෙකකට පෙර මරා දමා ඇති මෙම වන අලියා වළ දැමීමෙන් අනතුරුව මතුවන ශරීර කොටස් සැඟවීම සඳහා පස්වලින් වසා මයිල් කොළ අතුවලින් වසා තිබුණ බව සෝමාවතිය අඩවි සහකාර සී ඒ වනසිංහ අප කළ විමසීමේදී පැවසීය.

මරා සඟවා දැමූ වන අලියා

පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් අනුව එම වන අලියා මරා වළදමා ඇති ස්ථානයට ඊයේ (05) උදෑසන ගොස් සිදුකළ සොයා බැලීමක දී මෙම අපරාධය හෙළිදරව් වූ බව අඩවි සහකාරවරයා කීවේය.

මේ පිළිබඳ 05 වෙනිදා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වන අලියාගේ සිරුර ගොඩගෙන ගිරිතලේ වනජීවී පශු වෛද්‍යවරුන් විසින් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත බව ද අප කළ විමසීමක දී සෝමාවතිය අඩවි සහකාර සී ඒ වනසිංහ සඳහන් කළේය.

අප මේ පිළිබඳව කන්දකාඩු ගොවිපල යුද හමුදා කදවුරේ දුරකථනය අංකය සම්බන්ධ කරගනිමින් ඒ පිළිබඳ විමසීමට කිහිපවරක් උත්සාහ ගත්තද එය ව්‍යාර්ථ විය.

පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එල්.පී. එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි සෝමාවතිය අඩවි සහකාර සී.ඒ වනසිංහ, අඩවි ආරක්ෂක, ජී,ඒ,පිම් පැතුම් මනහර, වන සත්ව ආරක්ෂක, එච්.එම්.සී. කරුණාතිලක යන මහත්වරු මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරයි.

කොළ අතු ඉවත් කළ පසු

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago