ප්ලාස්ටික් දූෂණය පිටුදකින, ලෝක පරිසර දිනය අදයි !

ලෝක පරිසර දිනය අදට යෙදී තිබේ. “ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු” යන්න මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන එම අධිකාරියේ සභාපති සුපුන් එච්. පතිරගේ මහතා,

සෑම වසරකම ජුනි 5 වෙනිදා ලෙස 1972 එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයෙන් ගත්ත තීරණයකට අනුව පුරා වසර 50ක් තිස්සේ, පරිසර දිනය සැමරෙනවා. ලංකාවේ අපි ජගත් පරිසර දිනයේ, මෙවර තේමාව කාලීන මාතෘකාවක්. “ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු” කියන මාතෘකාව ඔස්සේ වැඩසටහන් කිහිපයක් ජගත් පරිසර දිනයට සමගාමීව ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ මධ්‍යම පරිස අධිකාරිය විසින් ලංකාව තුළට පොලිතින් සහ ප්ලාස්ටික් ගෙන එන ආයතන විදිමත් කිරීම හා එක්වරක් පමණක් භාවිත කර ඉවතල ප්ලාස්ටික් වර්ග 4ක් තහනම් කිරීම තුළින් ප්ලාස්ටික් නැණවත් භාවිතයකට හුරු කිරීමත් දැනුවත් කිරීමේ වැඩසටහන් ලංකාව පුරා මධ්‍යම පරිසර අධිකාරියෙන් ක්‍රියාත්මක කිරීම මඟින් පරිසර දිනය සැමරීමට නියමිතයි. ප්‍රධාන උත්සවය කොළඹ පිටකොටුව ප්‍රදේශයේ අද උදෑසන සිට දහවල් 2 දක්වා පැවැත්වෙනවා​.

වගීෂා විතානගේ

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

22 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago