ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට ශක්තියක් වෙමින් ඉන්දියාවේ කොර්ඩේලියා කෘෘස් MV Empress සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකා සේවය සිය මංගල ජාත්‍යන්තර ගමන සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව බලා ගමන් ආරම්භ කර තිබේ.
ඒ අනුව මේ සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව ඉන්දියාවේ චෙන්නායි වරායෙන් ඊයේ (05) පිටත්ව තිබෙන අතර එම උත්සව අවස්ථාවට ඉන්දියාවේ වරාය, නාවික හා ජලසම්පාදන ඇමැති සබානන්ද සොනොවල් මහතා එක්ව ඇත. මේ නෞකාව චෙන්නායි වරායේ සිට යාපනයට පැමිණෙන අතර මේ මංගල ගමන ආරම්භයට පෙර චෙන්නායිහි ITC Grand Chola හෝටලයේ දී වැඩසටහනක් ද සංවිධාන කර තිබිණි.
මෙම අවස්ථාවේ අදහස් දක්වමින් අමාත්‍ය සොනොවාල් පැවසුවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ගතික නායකත්වය යටතේ සමුද්‍ර වෙළඳාමේ අවස්ථා ඉහළ නැංවීමට විවිධ පියවර ගනිමින් සිටින බවයි.
රාත්‍රී 3, 4 හා 5 වශයෙන් සංචාරය කිරීමේ පැකේජ අවස්ථාව මෙහිදී සංචාරකයන්ට උදාවන අතර මේ නෞකාව හෙට (07) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මෙම නෞකාව ශ්‍රී ලංකාවේ වරායන් තුනකට යාත්‍රා කරන අතර ඒවා නම් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරේ වරායන්වේ.
මේ සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව වර්ග මීටර් 2,880 ක වපසරියක පැතිරී ඇති අතර එකවර මගීන් 3,000 කට සත්කාරකත්වය සැපයීමේ හැකියාව ඇත.
නෞකාව පිළිගැනීම වෙනුවෙන් උත්සවයක් ද සංවිධානය කර තිබෙන අතර ඒ සඳහා මෙරට රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ද සහභාගිවීමට නියමිතයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…
View Comments
🇱🇰🥺🥺❤️