සංචාරක ඇෆ්ගනිස්තානය සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැති එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (7) සමත් වුණා.
හම්බන්තොට පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 117 ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
ආරම්භක කඩුල්ල සදහා ලකුණු 84 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට පැතුම් නිස්සංක සමගින් දිමුත් කරුණාරත්න සමත් වුණා.
පැතුම් ලකුණු 51 ක් රැස් කළේ පන්දු 34 කින්. හයේ පහර 2ක් හා හතරේ 8 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. දිමුත් නොදැවී ලකුණු 56 යි. පන්දු 45 කින් වාර්තා වූ දිමුත්ගේ ඉනිම හතරේ පහර 7 කින් වර්ණවත් වුණා. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 11 ක් ලබා ගත්තා.
හම්බන්තොට පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය සියලු දෙනා දැවී ලකුණු 116 ක් ලබා ගත්තේ පන්දුවාර 22.2 ක් අවසානයේ දී යි. මොහමඩ් නබී ලකුණු 23 ක්, ඊබ්‍රහීම් සඩ්‍රාන් ලකුණු 22ක් හා ගුල්බදීන් නයිබ් ලකුණු 20 ක් රැස් කළා.
පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර ලකුණු 63 කට කඩුලු 4 ක් දවා ගත් අතර, වනිදු හසරංග ලකුණු 7කට කඩුලු 3 ක් බිද හෙලුවා. ලහිරු කුමාර කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 29 ක් ලබා දෙමින්.
තරඟයේ වීරයා බවට පත්වුයේ කඩුලු හතරක් දවාගත් දුෂ්මන්ත චමීර
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…