ඩෙංගු රෝගීන්ගෙන් ප්‍රධාන රෝහල් පිරීයාමත් සමග ඉදිරියේදී පර්යන්ත රෝහල් ද සූදානමින් තැබීමට කටයුතු කරමින් පවතින බව ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි සඳහන් කරයි.
මේ වන විට ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 67ක් තිබෙන බැවින් සතිපතා වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ද ඉහළ යමින් ඇති බව ඇය කීවාය.
මේ වන විට ඩෙංගු රෝගීන් 41583ක් වාර්තා වී ඇති අතර ඉන් සියයට 25ක්ම අවුරුදු 5 – 19 අතර වයස් කාණ්ඩයේ අයත් වූවන් වන අතර සියයට 62ක්ම වයස අවුරුදු 20 ඉක්මවූ අය බව ද පැවසේ.
කෙසේ නමුත් දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් 25 දෙනෙකු මරණය පත්ව ඇතැයි ද වෛද්‍ය විමල්කා පන්නිලහෙට්ටි සදහන් කළාය.
රටතුළ තවමත් ඩෙංගු අධි වසංගත තත්ත්වයක් නිර්මාණය වී නොමැති බැවින් දැනට පවතින වංසගත තත්ත්වය පාලනය කර ගැනීමේ හැකියාව තිබෙන බව ද ඇය කීවාය.
මදුරු මර්දනය සඳහා පසුගිය කාලයේ දී ඉවක් බවක් නොමැතිව දූමායන කටයුතු සිදුකළ බැවින් මදුරුවන් ඊට ප්රතිරෝධතාවක් දක්වන තත්ත්වයක් ඇති බවත්, දූමායන කටයුතු සිදු කළ යුත්තේ මදුරුවන් ගැවසෙන උදේ සහ සවස් කාලයට පමණක් බවත් වෙද්‍යවරිය පෙන්වා දුන්නාය.
දූමානයන මගින් නිකුත් කරන රසායනික බිදිති වාතයේ විනාඩි 30ක් පමණ කාලයක් රැදෙන බැවින් එම කාලය තුළ මදුරුවන් එම බිදිමත නොගැටුණහොත් ඉන් පලක් නොව බව සොයා ගැනිම හේතුවෙන් දූමායන කටයුතු සීමා කර ඇතැයි ද ඇය කිවාය.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…