නොර්වුඩ් පොලිසියේ රාත්‍රි මුර සංචාරය සදහා යොදවා තිබූ ජිප් රථයක් ප්‍රපාතයකට පෙරලී ගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රී 11 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් – බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ වෙන්චර් තේ කර්මාන්ත ශාලාව අසලදීයි.
නොර්වුඩ් සෙන් ජෝන් ටිලරිවත්ත ප්‍රදේශයේ සිට නොර්වුඩ් නිව්වැලිවත්ත ප්‍රදේශයේ අනවසර මැණික් ගැරීමක් වැටලීම සඳහා ධාවනය කරමින් තිබූ අවස්ථාවේ ජිප් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් එහි ගමන් ගත් පොලිස් නිළධාරින් තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි නොර්වුඩ් පොලිසිය පැවසුුවේ.
අනතුරෙන් ජිප් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර, අනතුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…