යාපනය ඩෙල්ෆ්ට් ජැටියේ පිවිසුම් දොරටුව අසලදී අනතුරට පත් වූ ට්‍රෝලර් යාත්‍රාවක සිටි පුද්ගලයන් 38 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වුණා.
එසේම, එහි තිබූ ගොඩනැගිලි ද්‍රව්‍ය තොගයක් මුහුදුබත් වීමට නොදී බේරා ගැනීමටද කටයුතු කළ බවයි නාවික හමුදාව නිවේදනය කළේ.
නාවික හමුදාව ක්ෂණිකව ක්‍රියාත්මක වී කළ මෙම මෙහෙයුම හේතුවෙන් සිදූවීමට තිබූ විශාල ජීවිත හා දේපල හානියක් මෙලෙස වළක්වා ගෙන තිබුණා.
යාපනය – පුණ්ගුඩුතිව් දූපතේ පිහිටි කුරිකඩ්ඩුවාන් ජැටියේ සිට ඩෙල්ෆ්ට් දූපත දක්වා පුද්ගලයන් 38 ක් සමඟ ඩෙල්ෆ්ට් දූපතේ වරාය පිවිසුම් දොරටුව අසලදී මුහුදේ පැවති බාදිය තත්වය හමුවේ මෙම ට්‍රෝලර් යාත්‍රාව මුහුදු පතුලේ ගැටී යාත්‍රාව සිදුරු වී තිබුණා.
අනතුරුව ඊට ජලය කාන්දු වී යාත්‍රාව අනතුරට පත්ව ඇති බවට උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනය වෙත තොරතුරක් ලැබී තිබූ අතර, ඒ අනුවයි නාවික හමුදාව එය ගළවා ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කළේ.
ඒ අනුව වෙරළබඩ මුර යාත්‍රා සහ කුඩා යාත්‍රා යොදා ගනිමින් අනතුරට පත් යාත්‍රාව සහ එහි සිටි පුද්ගලයින් නිරුපද්‍රිතව බේරා ගැනීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.
‘කාලි අම්බාල් 2’ නැමැති මෙම යාත්‍රාව ඩෙල්ෆ්ට් දූපතේ වරාය පිවිසුම් දොරටුවෙහි අනතුරට පත්ව ගිලි ගියේ නම්, ඩෙල්ෆ්ට් දූපත වෙත කරන සියළුම ගමනාගමන කටයුතු ඇණහිටීමටත් එහි පරිපාලනයට විශාල බලපෑමක් සිදුවීමටත් ඉඩ තිබූ බවත් නාවික හමුදාව කියා සිටියා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…