කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකුට එම විභාගයටම පෙනී සිටි තවත් සිසුන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටුගස්තොට පොලීසිය කියා සිටියේ මෙම සිසුවාට පසුගිය 06 වනදා ගණිතය විෂයේ පළමු ප්‍රශ්ණ පත්‍රයට මුහණ දීමෙන් අනතුරුව ලැබුණු විවේක කාලයේ දී විදුහලේ ආපන ශාලාවට පැමිණි අවස්ථාවේදී තවත් සිසුන් පිරිසක් ක්‍රිකට් පිති සහ විකට් පොලු යොදා ගනිමින් අමානුෂික ලෙස පහර දී තිබූ බවයි.
පහරදීමෙන් තුවාල ලැබූ මෙම සිසුවා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
ඔහු අද (08) මහනුවර ජාතික රෝහල ආසන්නයේ පාසලක සිට සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් විෂය සඳහා මුහුණ දී තිබුණා.
පහර දීමට සම්බන්ධ වූ සැකකාර සිසුන් සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන තෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සිදු නොකිරීමට තීරණය කර තිබු අතර විභාගය අද (08) අවසන් වීමෙන් අනතුරුව මෙම සිසුන් 06 දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් වූ සිසුන් හෙට (09) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…