ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ ප්‍රතිලාභ ජංගම දුරකථන සහ උපාංග අලෙවිය හරහා ලබා දීමට නොහැකි බව සමස්ත ලංකා සන්නිවේදන හිමියන්ගේ සංගමය (ACCOA) පවසනවා.
එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ, අඩු මිලට කිසිවක් නොලැබෙන බවයි.
එමෙන්ම මීට පෙර රුපියල් 1500ට අලෙවි කළ මූලික ජංගම දුරකථනය තවමත් පවතින්නේ රුපියල් 4500 සීමාවේ බවද ඔහු සඳහන් කළා.
ඩොලරයේ අගය අඩු වීමෙන් පසු මහා පරිමාණ ආනයනකරුවන්ට කිසිදු සහනයක් ලැබී නොමැති බව සඳහන්.
මේ හේතුවෙන් කුඩා පරිමාණ විකුණුම්කරුවන්ට කිසිදු සහනයක් ලබා දීමට නොහැකි බව ඔහු පවසනවා.
මේ ගැටළුව සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) හෝ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) මැදිහත් වී නියාමනය කළ යුතු බවද සඳහන්.
නමුත් ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාමේ ප්‍රතිලාභය ජනතාව වෙත ලබා දෙන බව රජය ප්‍රකාශ කර තිබුණා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…