පසුගිය වසර තුනක කාලය තුළ මෙරට විශ්වවිද්‍යාලවල සිදු වූ නවක වදය සහ නවක වදය පිළිබඳ සිද්ධීන් සම්බන්ධයෙන් වෙන වෙන ම වාර්තා ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විශ්වවිද්‍යාලවලට සහ පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.
ඒ ඉකුත් 2020 වසරේ මාර්තු 5 වැනි දා පළමු වසර සිසුන් සඳහා සංවිධානය කර තිබූ සාදයක් අතරතුර බැකෝ ටයරයක් පෙරළීමේ සිද්ධියෙන් මාරාන්තික තුවාල ලැබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ (කළමනාකරණ පීඨයේ) සිසුවාගේ සිද්ධියට අදාලව ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ දී යි.
ඉකුත් සිකුරාදා (09) බුවනෙක අලුවිහාරේ, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳ වූ අතර එහි වගඋත්තරකරුවන් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ යන අය නම් කරමින් සිසුවාගේ සොහොයුරිය වන ෂර්මිලා ප්‍රියදර්ශනී සිල්වා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණා.
අදාල පෙත්සම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ, මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ඉහත සඳහන් අයවලුන්ට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පවතින මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල 16හි ම උපකුලපතිවරුන් සහ පොලිස්පතිවරයා ද වගඋත්තරකරුවන් ලෙස නම් කරන ලෙසයි.
මේ අතර ජාතික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට අමාත්‍යවරයාට බලතල ඇති බැවින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ද මෙම නඩුවේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කරන බව ද අධිකරණය එදින තීන්දු කළා.
මීට අමතරව නවක වදය මැඩලීම සඳහා තම විශ්වවිද්‍යාල තුළ ක්‍රියාත්මක කර ඇති ක්‍රියාමාර්ග, නවක වදය සම්බන්ධයෙන් පසුගිය වසරේ ලැබුණු පැමිණිලි සහ එම සිද්ධීන් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව වාර්තාවක් සති අටක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස උපකුලපතිවරුන්ට නියම කළ අතර අදාල කාල සීමාව තුළ පොලිස්පතිවරයාට ද ඒ සම්බන්ධ වාර්තාවක් ලබා දෙන ලෙස අධිකරණය නියෝග කරනු ලැබුවා.
මේ අතර මෙම නඩු කටයුත්තට මැදිහත් වීමට කැමති සියලු පාර්ශ්වවලට අගෝස්තු 28 වැනි දා ට පෙර කරුණු දැක්වීමට ද කල් ලබා දෙනු ඇති බව පැවසූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුව එළඹෙන අගෝස්තු 29 වැනිදාට කල් තැබීමට කටයුතු කළා.
උක්ත නඩුවට අදාල සිද්ධිය හා සම්බන්ධ පසිඳු හර්ෂණ සිල්වා නමැති සිසුවාගේ හිසට, හිස් කබලට හා මොළයට අදාල සිද්ධියෙන් බරපතල තුවාල සිදු වූ අතර මාස තුනක කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූවත් ඔහු මෙතෙක් සම්පූර්ණ සුවය ලබා නැහැ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…