පසුගිය වසරේ (2022) මැයි 09 සිද්ධියට අදාළව පොලිස් නිලධාරීන් 73 දෙනෙකු පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියේ, විශේෂ විමර්ශන ඒකකය විසින් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසුවා.
පොලිස් වසම් 69කට අදාළව නිලධාරීන් 73ක් පිළිබඳ ඒ අනුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද ඊට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 62ක්, කාන්තා පොලිස් පරීක්ෂකවරියක, පොලිස් පරීක්ෂකවරුන් 6 දෙනෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඇතුළත් බව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළා.
මෙම නිලධාරීන් අතරින් මූලස්ථාන පොලිස් පරීක්ෂක හා ස්ථානාධිපති තනතුරුවල කටයුතු කරන පුද්ගලයන් එම තනතුරුවල තවදුරටත් තබා ගැනීම මෙම මූලික විමර්ශනවලට බාධාවක් නිසා, නිලධාරීන් 38ක් ස්ථාන මාරු කර යවා ඇති බව ද සමස්ත සිද්ධිය සම්බන්ධව තවදුරටත් විමර්ශන කරගෙන යන බව ද ටිරාන් අලස් අමාත්‍යවරයා කියා සිටියා.
එහිදී අනාවරණය වන කරුණු අනුව එම නිලධාරීන් යම් වැරදිසහගත දේ කර ඇති නම්, විධිමත් ලෙස විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…