ඊයේ (12) දින කැබිනට් අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් ජනාධිපති ලේකම් කාර්‍යාලයට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට කැදවා තිබුණත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් රැසක් එම සාකච්ඡාවට සහභාගී වී නොමැත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් ඊයේ (12) දහවල් මුණ ගැසුණු අතර ජනාධිපතිවරයා සමග වූ රැස්වීම සදහා සහභාගී නොවීමට තීරණය කර ඇත.
මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂට ද දිස්ත්‍රික් නායකයින් පවසා ඇත්තේ පක්ෂය වෙනුවෙන් සාකච්ඡා හා රැස්වීම් වලට සහභාගීවීමට හැකි බවත් ජනාධිපතිවරයා, නිලධාරීන් හෝ අමාත්‍යවරුන් කැදවන සාකච්ඡා සදහා සහභාගී නොවන බවත්ය.
ජනාධිපතිවරයා නොව කවුරු කැදවීමක් කලත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් දැනුවත් කර කලයුතු බව මෙහි දී ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.
විශේෂයෙන්ම දේශපාලනික කරුණු පිලිබදව සාකච්ඡා කරන රැස්වීම් සදහා මෙසේ පක්ෂය හරහා මන්ත්‍රීවරු දැනුවත් කල යුතු බව අවධාරණය කර ඇත.
පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සදහන් කලේ තම පක්ෂ මන්ත්‍රීවරුන් සහ ජ්‍යෙෂ්ටයින් ගෙන්වා ගැනීමට අවශ්‍යනම් පක්ෂය දැනුවත් කරන ලෙසයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…