ශ්‍රී ලංකා

නවීන් දිසානායකට ජනපතිගෙන් ආණ්ඩුකාර ධුරයක් !

නවීන් දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර සරබගමුව පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දී තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී, ජනාධිපතිවරයා ඉදිරියේ එම දිවුරුම්දීම සිදුකර ඇත.

සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මීට පෙර කටයුතු කළ ටිකිරි කොබ්බෑකඩුව මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ එම ආණ්ඩුකාර ධුරය නවීන් දිසානායක මහතාට ලබා දී තිබේ.

මේ අතර, තමාට හිමි වූ බලතල පාවිච්චි කර සබරගමු පළාතට විශාල සේවයක් කිරීමට බලාපොරොත්තු වන බව සබරගමුව පළාත් නව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පැවසීය. සිය ධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවු අවස්ථාවේ දී ඒ මහතා මේ බව කියා සිටියේය.

ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි තමාට එම තනතුර ලබාදුන් බවත් එය කැබිනට් අමාත්‍ය ධුරයක් හා සමාන බලතල ඇති බවත් නවීන් දිසානායක මහතා පැවසීය.

ජනාධිපති තුමාගෙන්ම තමා අපි අභියෝගවලට මුහුණදෙන්න ඉගෙනගත්තේ. යම් තැනකට ගිහින් ඒ අභියෝගය භාරගන්න අවශ්‍යයි. විශේෂයෙන් මුල්‍ය අර්බුදයක් තිබෙන අවස්ථාවක රජයේ වියදම් කපාහරින අවස්ථාවක මම බලාපොරොත්තු වනවා මගේ හැකියාවෙන් විශේෂයෙන්ම පෞද්ගලික අංශයෙන් මුදල් ලබාගෙන සබරගමුවේ අධ්‍යාපන කේෂ්ත්‍රයට විශාල සේවයක් කරන්න. මට ඒක කරන්න පුළුවන් නම් මාස 18ක් වගේ කාලයක් තුළ මම ලබන ජයග්‍රහණයක්. මම හැමවෙලේම සුබවාදීව බලන පුද්ගලයෙක්. රට දවසින් දවස හොඳ අතට හැරෙනවා. අඩුපාඩු ගොඩක් තියෙනවා. අපි ඒවා එකින් එක හදාගන්න ඕනේ. මේක දෛවෝපගත සිද්ධියක්. මගේ පියා තමා පළාත් සභා හඳුන්වා දුන්නේ. එයාගේ පුතා විදියට මම ආණ්ඩුකාරයෙක් වීම දෛවෝපගත සිදුවීමක්. මම බලාපොරොත්තු වෙනවා උපරිම වශයෙන් සබරගමු ජනතාවට සේවය කරන්න.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

23 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago