ශ්‍රී ලංකා

ලෝක කුසලානයට සුදුසුකම් ලබන්න ශ්‍රී ලංකාව අද සිට තරග බිමේ – විකාශන කටයුතු සිදුවෙන්නේ මෙහෙමයි !

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග අද (13) ආරම්භ වනවා.

තරගාවලිය ආරම්භ වීමට පෙර සෑම කණ්ඩායමක්ම පුහුණු තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ අනුව අද සිට එළඹෙන 15 වැනිදා පුහුණු තරග පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පුහුණු තරග දෙක නෙදර්ලන්තයට හා අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර පුහුණු තරගය අද පස්වරු 12:30 ට සිම්බාබ්වේ හි බුලවායෝ නුවර දී ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

සිම්බාබ්වේ හී දී පැවැත්වීමට නියමිත සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ජූනි 18 වැනිදා සිට ජූලි 9 වැනිදා දක්වා කණ්ඩායම් 10කගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව මූලික වටයේ දී B කාණ්ඩයෙන් තරග වදින අතර, මූලික වටයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ මෙරට දේශීය රූපවාහිනී විකාශන අයිතිය සිරස TV මාධ්‍ය ජාලය විසින් හිමි කර ගෙන තිබෙනවා. එමෙන්ම තරගාවලිය Star Sports 1 නාලිකාව ඔස්සේ ද සජීවීව විකාශය කිරීමට නියමිතයි.

එමෙන්ම සුදුසුකම් ලැබීමේ වටයේ තරඟ කිහිපයක් ද විකාශනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Qualifier Fixtures (All matches start at 9:00am local time)

  • Sunday, 18 June
    Zimbabwe v Nepal, Harare Sports Club
    West Indies v USA, Takashinga Cricket Club
  • Monday, 19 June
    Sri Lanka v UAE, Queen’s Sports Club
    Ireland v Oman, Bulawayo Athletic Club
  • Tuesday, 20 June
    Zimbabwe v Netherlands, Harare Sports Club
    Nepal v USA, Takashinga Cricket Club
  • Wednesday, 21 June
    Ireland v Scotland, Queen’s Sports Club
    Oman v UAE, Bulawayo Athletic Club
  • Thursday, 22 June
    West Indies v Nepal, Harare Sports Club
    Netherlands v USA, Takashinga Cricket Club
  • Friday, 23 June
    Sri Lanka v Oman, Queen’s Sports Club
    Scotland v UAE, Bulawayo Athletic Club
  • Saturday, 24 June
    Zimbabwe v West Indies, Harare Sports Club
    Netherlands v Nepal, Takashinga Cricket Club
  • Sunday, 25 June
    Sri Lanka v Ireland, Queen’s Sports Club
    Scotland v Oman, Bulawayo Athletic Club
  • Monday, 26 June
    Zimbabwe v USA, Harare Sports Club
    West Indies v Netherlands, Takashinga Cricket Club
  • Tuesday, 27 June
    Sri Lanka v Scotland, Queen’s Sports Club
    Ireland v UAE, Bulawayo Athletic Club
  • Thursday, 29 June
    Super 6: A2 v B2, Queen’s Sports Club
  • Friday, 30 June
    Super 6: A3 v B1, Queen’s Sports Club
    Playoff: A5 v B4, Takashinga Cricket Club
  • Saturday, 1 July
    Super 6: A1 v B3, Harare Sports Club
  • Sunday, 2 July
    Super 6: A2 v B1, Queen’s Sports Club
    Playoff: A4 v B5, Takashinga Cricket Club
  • Monday, 3 July
    Super 6: A3 v B2, Harare Sports Club
  • Tuesday, 4 July
    Super 6: A2 v B3, Queen’s Sports Club
    Playoff: 7th v 8th Takashinga Cricket Club
  • Wednesday, 5 July
    Super Six: A1 v B2, Harare Sports Club
  • Thursday, 6 July
    Super Six: A3 v B3, Queen’s Sports Club
    Playoff: 9th v 10th Takashinga Cricket Club
  • Friday, 07 July
    Super Six: A1 v B1, Harare Sports Club
  • Sunday, 09 July
    Final, Harare Sports Club
Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago