ශ්‍රී ලාංකිකයින් 07දෙනෙකු INTERPOL රතු ලැයිස්තුවට ඇතුලත් කෙරේ !

ජාත්‍යන්තර පොලිසිය හෙවත් INTERPOL මගින් රතු නිවේදන ලැයිස්තුව යටතේ ලැයිස්තුගත කර ඇති පළා ගිය පුද්ගලයින් 6,872 අතරින් 07 දෙනෙකු ශ්‍රී ලාංකිකයින් බව වාර්තා වනවා.

එම හත් දෙනාගෙන්, හතර දෙනෙකු ශ්‍රී ලංකාවේ ‘අවශ්‍ය’ ලෙස ලැයිස්තුගත කර ඇති අතර අනෙක් ශ්‍රී ලාංකිකයින් තුන්දෙනාට ඔවුන්ගේ ප්‍රදේශ තුළ සිදු කළ අපරාධ සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීම් මත රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන්.

ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයක් යනු පිටුවහල් කිරීමට, යටත් වීමට හෝ ඒ හා සමාන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව සිටින පුද්ගලයෙකු සොයා ගැනීම සහ තාවකාලිකව අත්අඩංගුවට ගැනීම සඳහා ලොව පුරා නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් කරනු ලබන ඉල්ලීමක් වනවා.

ඉන්ටර්පෝල් සිය වෙබ් අඩවියේ පළ කර ඇති දත්තවලට අනුව, අවශ්‍ය බවට ලැයිස්තුගත කර ඇති හතර දෙනා අතර,

  • 38 හැවිරිදි සොයිසා ජගමුනි සුජීව නොහොත් කොස්ගොඩ සුජී,
  • 49 හැවිරිදි නඩරාජා සිවරාජා,
  • 50 හැවිරිදි මුනිසාමි තර්මසීලන්,
  • 35 හැවිරිදි වික්නරාසා සෙල්වන්තන්,
  • වවුනියාවේ කුමාරසාමි නවනීතාන,
  • 61 හැවිරිදි මොහොමඩ් පව්මි,
  • 41 හැවිරිදි මානික්කවාසගර් විජයරාජා

මිනීමැරුම් නඩුවක් සම්බන්ධයෙන් කොස්ගොඩ සුජීට සහ දිවංගත අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් නඩරාජා සිවරාජාට මෙම රතු නිවේදන නිකුත් කර ඇති බවයි එහි දැක්වෙන්නේ.

තර්මසීලන් අත්බෝම්බ දෙකක් සහ ජීව උණ්ඩ 200 ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටින අතර සෙල්වන්තන්ට සොරකම් සහ මිනීමැරුම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

මේ අතර, අනෙකුත් ශ්‍රී ලාංකිකයන් තුන් දෙනා පිළිබඳ තොරතුරු INTERPOL මගින් තොරතුරු අනාවරණ කරනවා. ඒ අනුව වවුනියාවේ කුමාරසාමි නවනීතාන මිනීමැරුමක් සම්බන්ධයෙන් රුමේනියාවට අවශ්‍යව සිටින අතර ඇලබොඩගම පදිංචි 61 හැවිරිදි මොහොමඩ් පව්මි ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් ඉන්දියාවට සහ යාපනයේ පදිංචි 41 හැවිරිදි මානික්කවාසගර් විජයරාජා කැනඩාවට අවශ්‍යව සිටිනවා.

මේ අතර, තවත් ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුට ජාත්‍යන්තර පොලිසිය කහ නිවේදන නිකුත් කර තිබෙනවා. කහ නිවේදන නිකුත් කරනු ලබන්නේ අතුරුදන්වූවන්, බොහෝ විට බාලවයස්කරුවන් සොයා ගැනීමට හෝ තමන්ව හඳුනා ගැනීමට නොහැකි පුද්ගලයින් හඳුනා ගැනීමට උපකාර කිරීමටයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago