ශ්‍රී ලංකා

ඇමරිකන් ඩොලර් දස දහස් ගණනක්, රුපියල් පනස් හත් ලක්ෂයක් ඇතුළු කෝටි ගණනක් කොල්ල කෑ අපරාධකරුවන් අල්ලන්න පොලිසිය මහජන සහය පතයි (VIDEO)

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මානව සම්පත් සංවර්ධන අධ්‍යක්ෂවරයා මෙන්ම ජන සතු සේවා ක්‍රිකට් සමාජයේ සභාපති ලෙසත්, ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ සාමාජිකයෙක් ලෙසත් කටයුතු කරන නලීන් අපොන්සෝ ගේ නිවසට පැන මුදලින් රුපියල් පනස් හත් ලක්ෂ පනස් හත් දාහක්, ඇමරිකානු ඩොලර් දස දහස් හාරසියයක් සහ රන් භාණ්ඩ කොල්ල කෑ අපරාධකරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ පට පොලිසිය මාධ්‍යය වෙත නිකුත් කර තිබේ.

නලීන් අපොන්සෝ ගේ බොරලැස්ගමුව කටුවාවල මාවත, පළමු පටුමගේ පිහිටි නිවසට කඩා වැදී පසුගිය 12 වැනිදා සිදුකළ බව කියන මෙම අපරාධය සම්බන්ධව බොරලැස්ගමුව පොලිසියට සිදුකළ පැමිණිල්ලක් මත උක්ත විමර්ශන ආරම්භ කර තිබිණි.

කොල්ල කෑ සම්පූර්ණ වත්කම්වල වටිනාකම එක් කෝටි හත් ලක්ෂ හත් දහස් අටසීයක් බවද පොලිිසිය කියයි.

පෙරේදා (12) දහවල් මෙම කොල්ලය සිදුකර ඇති අතර ඒ අවස්ථාවේ දි නිවසේ සිට ඇත්තේ සේවිකාවක් පමණක් බවත් සේවිකාව බිය ගන්වා මෙම මුදල් හා රන් භාණ්ඩ තැන්පත් කර තිබුණු කුඩා සේප්පුව රැගෙන ගොස් ඇති බවත් විමර්ශන අංශ කියයි.

අපරාධකරුවන් සම්බන්ධව තොරතුරක් වේ නම් බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති 071-8591646 හෝ බොරලැස්ගමුව පොලිස් ස්ථානය 0112150769 වෙත දැනුම් දෙන ලෙස පොලිසිය ඉල්ලා සිටී.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago