අධ්‍යාපනික

විද්‍යාපීඨ සහ උපාධිධාරී ගුරුවරු 13000කට පත්වීම් – අධ්‍යාපන ඇමතිගෙන් දැනුම් දීමක් !

වයස අවුරුදු 35 නොඉක්මවූ උපාධිධාරී ගුරුවරු 5,500ක් නුදුරේ දීම ගුරුසේවයට බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

විද්‍යාව, ගණිතය, තාක්ෂණය, භාෂාව, භූගෝලය හා වාණිජ වැනි විෂයන්ට අදාළ ව භාෂා මාධ්‍ය තුනෙන් ම එම පිරිස බඳවා ගැනීමට නියමිතය.

එමෙන්ම විද්‍යාපීඨ ගුරුවරු 7,500කට මේ මස 16 වනදා නව පත්වීම් ලබාදෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති රැස්වීමට සහභාගි වෙමින් අමාත්‍යවරයා සඳහන් කරයි.

භෞතික හා මානව සම්පත් සම්පූර්ණ කිරීමෙන් පමණක් අධ්‍යාපනය සංවර්ධනය කළ නොහැකි බවත් ඒ සඳහා සිසුන්ගේ විනයගරුක භාවය අත්‍යවශ්‍ය වන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

එමෙන් ම සමාජය තුළ පවතින මත්ද්‍රව්‍ය වැනි වෙනත් විෂමාචාර හා අයෝග්‍ය හැසිරීම්, පාසල් තුළට ප්‍රවේශ වීමේ සියලු අවකාශ ඇහිරිය යුතු බවත් නව පරපුර අතර ඇති විනය විරෝධී හැසිරීම්, විශේෂයෙන් පිරිවෙන් අධ්‍යාපනය වැනි ආගමික නැඹුරුවක් සහිත ආකල්පමය හා අවබෝධාත්මක වෙනසක් හරහා වෙනස් කළ යුතු බවත් අමාත්‍යවරයා විශේෂයෙන් සඳහන් කර ඇත.

පාසල් පරිපාලනය සඳහා විදුහල්පතිවරයාට නිදහස තිබිය යුතු බවත් පාසල් සංවර්ධන සමිති හා ආදිශිෂ්‍ය සංගම් ඒ සඳහා අනිසි ලෙස මැදිහත්වීම නුසුදුසු වන අතර තමා එවැනි දෑ කිසිසේත් අනුමත නොකරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

24 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago