ශ්‍රී ලංකා

සනත් නිශාන්ත ජනපතිට අනතුරු අඟවයි !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) ආණ්ඩුවේ කොටසක් ලෙස රැඳී සිටින්නේ තම පක්ෂ නායකයන්ට ලබා දෙන වැදගත්කම මත පමණක් බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටින්නේ ආණ්ඩුව පත්කර ගැනීම සඳහා වෙහෙස මහන්සී වී වැඩ කළ තම මන්ත්‍රීවරුන්ට අවශ්‍ය පිළිගැනීම ලබා නොදෙන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාගේ හැසිරීම දැඩි ලෙස විවේචනය රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ තම පක්ෂ නායකයා රාජ්‍ය නායකයා වීම හේතුවෙන් ඔහුගේ ක්‍රියා කලාපය එසේ සිදුවන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්හැර දැමීමට උත්සාහ කළහොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට තම සහයෝගය ලබා නොදෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ආණ්ඩුව නියෝජනය කරන සියළුම පක්ෂ සඳහා අද (14) සවස 5ට ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ රැස්වීමක් කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

පසුගිය 12 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආණ්ඩුව පාර්ශවයට මෙවැනිම රැස්වීමක් කැඳවීමට පියවර ගෙන තිබුණ ද පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයින් බහුතරයක් එම රැස්වීම වර්ජනය කර ඇති පසුබිමකයි ජනාධිපති ලේකම් කාර්යාලය මෙම රැස්වීම කැඳවා ඇත්තේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago