ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සුදානමක් ගැන තොරතුරු එළියට !

ආණ්ඩුව පවත්වාගෙනයාමට බාධාකාරී අභ්‍යන්තර තත්ත්වයක් මතුවුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවී තිබෙනවා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු පොහොට්ටු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් දස (10) දෙනෙකුට කැබිනට් අමාත්‍ය ධුර ලබාදෙන ලෙස එම පක්ෂයෙන් දිගින් දිගටම එල්ලවී ඇති අනිසි බලපෑම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමුව ඇති බවයි සඳහන් වන්නේ.

මේ අතර ජනාධිපතිවරයා විසින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂවල නායකයින්ගේ විශේෂ සාකච්ජාවක් සඳහා අද (14) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ඇති අතර මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂටද එම රැස්වීමට ආරාධනා කර ඇති බවද සඳහන්.

රටේ වත්මන් දේශපාලන වාතාවරණය සහ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පොහොට්ටු පක්ෂයේ දිස්ත්‍රීක් නායකයින් ඇතුළු ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයින් 45 කට පමණ පිරිසකට පසුගිය සඳුදා (12) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වූ සාකච්ඡාවකට ආරාධනා කර තිබුනද, මෙම රැස්වීම සදහා පොහොට්ටු දිස්ත්‍රික් නායකයින් ලෙස පැමිණ සිටියේ පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්න රණතුංග, රමේශ් පතිරණ, මහින්දානන්ද අළුත්ගමගේ, තේනුක විදානගමගේ, කපිල අතුකෝරාල පමණි. එහිදී කැබිනට් මණ්ඩල සාමාජිකයින්ට අමතරව පැමිණියේ තේනුක විදානගමගේ, කපිල අතුකෝරාල හා මහින්දානන්ද අළුත්ගමගේ යන දිස්ත්‍රික් නායකයින්ය.

එස් එම් චන්ද්‍රසේන, විමලවීර දිසානායක, ගාමිණී ලොකුගේ, නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් එම වර්ජකයින් පිරිසට ඇතුළත්.

මැති ඇමතිකම් නොදරන පක්ෂයේ මන්ත්‍රීවරුන් කැඳවීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව පළමුව පක්ෂ නායකයන් දැනුවත් කර ඉන් අනතුරුව පක්ෂයේ මාර්ගයෙන් මන්ත්‍රීවරුන් කැඳවන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දුන් බව පොහොට්ටු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් වැඩිදුරටත් සඳහන් කළා.

Ceylon News Factory

View Comments

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

21 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

23 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago