දිවා රාත්‍රී කාලය තුළ ආරක්ෂිතව පහසුකම් සපයන ලංකාවේ වැඩිම ගණිකා නිවාස ප්‍රමාණයක් ඇති බව කියන තලංගම ප්‍රදේශය තුළ වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය මගින් කළ පුළුල් වැටලීමක දි ගණිකා නිවාස 06ක සේවය කළ ලිංගික ශ්‍රමික කාන්තාවන් 23 දෙනෙක් සහ ගණිකා නිවාස පාලකයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂත්වය වන්නේ මෙම වැටලීමේ දී අත්අඩංගුවට ගත් කාන්තාවන් 23 දෙනාම දිවයිනේ විවිධ පළාත්වලින් පැමිණ කොළඹ ප්‍රධාන කාර්යාල හා විවිධ ආයතනවල සේවය කරන්නියන් වීමය.
අවුරුදු 20 -35 අතර වූ මෙම කාන්තාවන් සිය රැකියාවෙන් පසු ගණිකා වෘත්තියේ යෙදි ඇත්තේ අමතර ආදායම් ලබා ගැනීම සහ සුවපහසු ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මුදල් උපයා ගැනීමට බව විමර්ශනයේ දි හෙළි වී තිබිණි.
මෙම වැටලීම් සියල්ල සිදුකර ඇත්තේ මධ්‍යම රාත්‍රියේ දී ය. වැටලීම කරන අවස්ථාවේ දී මෙම ගණිකා නිවාසවල සේවය ලබා ගැනීමට පැමිණි රටේ ධනවත් පුද්ගලයින් සහ අසල පිහිටි ආරක්ෂක කඳවුරුවල සාමාජිකයින් හඳුනාගෙන ඇත.
සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන යන මෙම ගණිකා නිවාස පිළිබඳව වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ බුද්ධි නිලධාරීන් යොදා දින ගණනාවක් කළ පරීක්ෂණවලින් පසු තහවුරු කරගත් තොරතුරු මත මෙම වැටලීම සිදු කරනු ලැබුවේය.
වැටලීම් කණ්ඩායම්ව ප්‍රධානීන් ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් යටතේ උප පොලිස් පරීක්ෂකවරු පස් දෙනෙක් වැටලීමේ ප්‍රධාන භූමිකා සිදුකර තිබිණි.
අත්අඩංගුවට ගත් පිරිස අද (16) කඩුවෙල මහේස්ත්‍රාත් ශානිකි විජේබණ්ඩාර වෙත යොමු කළේය. මෙම ගණිකා නිවාස පවත්වාගෙන ගිය ගොඩනැගිලිවල හිමිකරුවන් ට එරෙහිව නඩු පැවරීමට කටයුතු යොදා ඇත.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…