න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ලොව දැවැන්තයෙකු වන, රුසියානු රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාව හෙවත් රොස්ආතම් ආයතනය ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
මේ බව අනාවරණ කෙරුණේ රුසියාවේ, පසුගියදා පැවති සාන්ත පීටස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුවේදීය.
රුසියානු රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාව හෙවත් ROSATOM (රොස්ආතම්) යනු රුසියාවේ විශාලතම විදුලිබල නිෂ්පාදකයාය. එමෙන්ම එය න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව සඳහා උපකරණ, ඩිජිටල් නිෂ්පාදන, විවිධ නව්‍ය න්‍යෂ්ටික සහ න්‍යෂ්ටික නොවන නිෂ්පාදන නිපදවන ආයතනයකි.
රුසියාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 20% ක් පමණ සපුරනු ලබන්නේ ද ROSATOM (රොස්ආතම්) ආයතනයයි. මේ වනවිට ඔවුන් ලොවපුරා රටවල් 11ක සමාගම් 34ක් සමඟ බලශක්ති ක්ෂේත්‍රයට අදාළව ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරමින් සිටී.
එම දැවැන්ත ආයතනය ශ්‍රී ලංකාව ද හවුල් කරගනිමින් මෙගාවොට් 300ක ධාරිතාවකින් යුත් න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට යෝජනා වී ඇති බව වාර්තා වෙයි.
රුසියාවේ, සාන්ත පීටස්බර්ග් ජාත්‍යන්තර ආර්ථික සමුළුව පසුගියදා අමතමින් රුසියානු රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී ඇලෙක්ස් ලිඛචේෆ් මේ බව හෙළි කළේය.
ඔහු පවසන්නේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සමග එක්වී න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම සඳහා මේ වසරේ සිය ආයතනය සමග නීත්‍යනුකූලව ගිවිසුම්වලට එළඹීමට අවශ්‍ය බවය.
මේ අතර රොස්ආතම් ආයතනය මෙරට න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට එකඟතාව පළකර ඇති බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය ද තහවුරු කළාය.
රුසියාවේ රොස්ආතම් ආයතනය සමග මෙම දැවැන්ත ව්‍යාපෘතිය සඳහා එක්වන්නේ මෙරට පරමාණුක බලශක්ති අධිකාරියයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…