ශ්‍රී ලංකා

ඇමති අලි සබ්රිගේ විදේශ සංචාර සඳහා වියදම කෝටි පහයි !

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා නිල විදේශ සංචාර සඳහා රුපියල් කෝටි 5 කට වැඩි මුදලක් වැය කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

ප්‍රවීණ මාධ්‍යවේදී රිෆ්ත් අලි විසින් තොරතුරු දැනගැනීම පනත යටතේ යොමු කළ අයදුම් පත්‍රයක් හරහායි මෙම කරුණු හෙළි වී ඇත්තේ.

විදේශ කටයුතු අමාත්‍යවරයා සංචාර 7 ක් සඳහා පමණක් මෙම මුදල වැය කර ඇති බව සඳහන්. අලි සබ්රි මහතා පසුගිය ජූලි මස 22 වනදා සිය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේයි.

දිවුරුම් දුන් දිනයේ සිට ස්විට්සර්ලන්තය, අමෙරිකාව, බංගලාදේශය, සෞදි අරාබිය ඇතුළුව රටවල් හතක සංචාරය කර තිබෙනවා.

මෙහි දී අමෙරිකාවට සහ ස්විට්සර්ලන්තයට අවස්ථා දෙකක දී ගොස් ඇති බව සඳහන්. සැප්තම්බර් සහ නොවැම්බර් මාසවල දී විදේශ සංචාර දෙක බැගින් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සංචාර සඳහා 05 කෝටි 19 ලක්ෂ 47 දහස් 32ක් වියදම් කර ඇති බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ.

පසුගිය වසරේ පැවැති 51 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය සඳහා සිදු කළ සංචාරයේ එක් කෝටි හතළිස් පන්ලක්ෂ 21,892 ක් වැය කර ඇති බව සඳහන්.

එම සැසිවාරය සඳහා හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ස්විට්සර්ලන්තය බලා ගොස් තිබුණා.

විදේශ අමාත්‍යවරයා සංචාරය සඳහා වැය කළ මුදල් සම්බන්ධයෙන් පසුගිය පෙබරවාරි මස 28 වනදා යොමු කළ අයදුම්පත්‍රයට පසුගිය මැයි මස 16 වනදා තොරතුරු ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් පසුගිය මාර්තු පළමුවැනිදා සිට අද (17) බ්‍රිතාන්‍ය, ස්වීඩන්, දකුණු කොරියාව සහ දකුණු අප්‍රිකාව යන රටවලට නිල සංචාරයන් සිදු කර තිබෙනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

6 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

8 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

9 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

10 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

11 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

13 hours ago