අරලියගහ මන්දිර පරිශ්‍රයේ පැවැති බස්නාහිර පළාතේ ගුරු පත්වීම් ලබා දීමේ උත්සවයට පැමිණි පාසල් ක්‍රීඩා තරඟ විනිසුරුවරියකගේ අත් බෑගයේ තිබී හිස් උණ්ඩ තුනක් සොයා ගැනීමෙන් පසු එම තැනැත්තිය සැකපිට අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය 26 හැවිරිදි වියේ පසු වන තැනැත්තියකි. ගුරු පත්වීම් ලබා ගැනීම සඳහා අලියගහ මන්දිරය පරිශ්‍රයට පැමිණෙන කාන්තාවන් පරික්ෂා කිරීමේ කටයුතුවල යොදවා සිටි පොලිස් කොස්තාපල්වරියක් මෙම තැනැත්තියගේ අත්බෑගය පරීක්ෂාකර බැලීමේදී මෙම හිස් උණ්ඩ තිබී සොයාගෙන ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මෙම සැකකාරිය පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයක තරග තීරකවරයකු ලෙස කටයුතු කළ අවස්ථාවේ තරඟ ආරම්භ කිරීමට සංඥාව ලබාදීම සඳහා භාවිතා කළ අවියේ උණ්ඩ බිම වැටුණු පසු අහුලාගෙන අත් බෑගයේ දමාගෙන සිට ඇති බව පරීක්ෂණවලින් හෙළි වූ බව පොලීසිය කියයි.
එම ක්‍රීඩා උත්සව සඳහා ආරම්භක සංඥා ලබා දීමට භාවිතා කරන ලද අවිය පොලිස් කේෂ්ත්‍ර බලකා මූලස්ථානයෙන් නීත්‍යානුකූල ආකාරයට ලබාගෙන ඇති බවද පරීක්ෂණවලින් අනාවරණය විණි යැයි එම උසස් පොලිස් නිලධාරියා කීවේය.
මේ සඳහා භාවිතා කරන ලද උණ්ඩ මලල ක්‍රීඩා සංගමය විසින් සපයා ඇති බවද පොලිසිය කියයි.
කොල්ලුපිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…