ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අලුයම බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ සංචාරයක් සඳහා බලා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 649 දරණ ගුවන් යානයෙන් අද අලුයම 03.30 ට පමණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්රමුඛ පිරිස දිවයිනෙන් පිටත්ව ගිය බවයි ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.
බ්‍රිතාන්‍යයේ සංචාරයක් සඳහා සහ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙලෙස පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් මහතා විසින් සිදුකළ ආරාධනයකට අනුවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී වන්නේ. “වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝග වලට විසඳුම් සෙවීම” යන්න තේමා කර ගනිමින් එම සමුළුව ජුනි මස 22 සහ 23 යන දෙදින තුළ පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
මේ අතර ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරය අතරතුරදී මෙරට ණය හිමි රටවල පැරිස් සමාජයේ සාමාජිකයින්ද හමුවීමට සැලසුම් කර තිබෙනවා.
ජනපති සිය එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ නිල සංචාරය නිමවා නැවත පැමිණෙන තෙක් වැඩ බලන අමාත්‍යවරුන් පත්කොට තිබෙනවා.
ඒ අනුව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස පත්කොට තිබෙනවා.
එමෙන් ම රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කොට ඇති බව සඳහන්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…