ආර්ථික

පවුලක මාසික වියදම ඉහළට – නවතම වාර්තාව මෙන්න !

මෙරට පවුලක මාසික වියදම රුපියල් 76,124 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ වාර්තාවකින් හෙළි කර තිබෙනවා.

මෙම වසරට අදාළ දත්ත වාර්තා අනුව, එම වියදම පෙන්නුම් කරන බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යායන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල සඳහන් කළේ.

මෙරට පවුලක මාසික වියදම පසුගිය වසරේ පැවතුණේ රුපියල් 63,820 ක් ලෙසයි. 2022 වසරට සාපේක්ෂව මෙම වසරේ මෙරට පවුල් වලින් සියයට 60 කගේ මාසික ආදායම පහළ ගොස් ඇති බව ද අදාල වාර්තාවෙන් හෙළිව තිබෙනවා.

එම වාර්තාවට අනුව, පවුලක මාසික වියදමෙන් සියයට 53 ක් එනම් රුපියල් 40,632 ක මුදලක් වැය කරනු ලබන්නේ ආහාර සපයා ගැනීම සදහා බවත්, ඉතිරි සියයට 47 එනම්, රුපියල් 35,492 ක මුදල වැය වන්නේ ආහාර නොවන අවශ්‍යතා සඳහා බවත් මහාචාර්ය වසන්ත අතුකෝරල පෙන්වා දෙනවා.

එමෙන්ම, මෙරට පවුල්වල ආහාර නොවන අවශ්‍යතා සඳහා වැය කරන මුදලින් වැඩිම ප්‍රමාණයක් ණය ආපසු ගෙවීම සදහා වැය කිරීමට සිදුව ඇති අතර එය ආහාර නොවන වියදම් වලින් සියයට 23 ක ප්‍රතිශතයක් බවයි මහාචාර්යවරයා කියා සිටියේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

20 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

24 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago