සීනිගම සිදුවූ වෙඩි තැබීමකින් රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දුලාජ් තරංග මහතා තුවාල ලබා රෝහල් ගත කළ බව මීටියාගොඩ පොලීසිය පවසයි.
හිටපු මන්ත්‍රීවරයා සිය මෝටර් රථය අද (17) දහවල් සීනිගම නගර මධ්‍යයේ නතර කර තබාගෙන සිටි අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු ඔහුට වෙඩි තබා පලා ගොස් ඇති බව පොලීසිය කියයි.
වෙඩි වැදුණු හිටපු මන්ත්‍රීවරයා වෙඩි කාගෙනම සිය මෝටර් රථයෙන් හික්කඩුව පොලීසියට ගොස් ඇති අතර පොලීසියේද මැදිහත්වීමෙන් 1990 ගිලන් රථයක් ගෙන්වා ගෙන මන්ත්‍රීවරයා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව පොලීසිය පවසයි.
හිටපු මන්ත්‍රීවරයාගේ උර හිසට වෙඩි වැදී ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් රෝහල් ආරංච් මාර්ග කියයි.
වෙඩි වැදුණු හිටපු ප්‍රාදේශීය මන්ත්‍රීවරයා විදෙස් ගතව සිටින පාතාල නායක රත්ගම විදුර නමැත්තාගේ මස්සිනා කෙනෙකු බවත් මේ වෙඩි තැබීම පාතාලයේ කොන්තාත්තුවක් වන්නට ඇති බවත් පොලීසිය කියයි. මීටියාගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…