ලග්ගල, දාස්ගිරිය, හත්තොට අමුණ ප්‍රදේශයේ සිදු කළ ශාන්තිකර්මයක් අතරතුර අසනීප වූ කාන්තාවක් රෝහල්ගත අනතුරුව මරණයට පත්ව තිබෙනවා.
පැවති අසනීප තත්ත්වයන් සුව කර ගැනීම සඳහා කාන්තාවන් දෙදෙනෙකුට සහ පිරිමි පුද්ගලයෙකු සඳහා මෙම ශාන්ති කර්මය සිදු කර ඇතැයි පොලිසිය පවසනවා.
පෙරේදා (16) සවස් කාලයේ සිට ඊයේ (17) උදෑසන දක්වා එම ශාන්තිකර්මය සිදුකර තිබෙනවා.
ශාන්තිකර්මය සිදුකළ තැනැත්තා විසින් වරින් වර මොවුන් තිදෙනාට තැඹිලි ගෙඩි 21ක බැගින් පෙවීම සිදුකර ඇති බවත් ඒ අවස්ථවේදී එක් කාන්තාවක් අසනීප වූ බවත් සදහන් වෙනවා.
එම කාන්තාව අසනීප වූ විට කහ වතුර පානය කිරීමට ලබා දී තිබෙනවා. ඉන්පසු රෝගී තත්ත්වය උත්සන්න වී දාස්ගිරිය රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ, 48 හැවිරිදි ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචිකාරියක්.
දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය අද (18) දඹුල්ල රෝහලේදී සිදුකිරීමට නියමිත අතර ශාන්ති කර්මය සිදුකරන ලද 25 හැවිරිදි පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 27 වනදා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ලග්ගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…