අද (18) පස්වරුවේ දළදා මාලිගාවට අයත් ආරක්ෂිත කලාපයේ පිහිටි රජ වීදිය ඔස්සේ දළදා මාළිගා පරිශ්‍රයට ඇතුළුවන්නට ගිය මහනුවර මහ නගර සභාවට අයත් කසල ප්‍රවාහන ලොරි රථයක තිබී ටී 56 ගිනිඅවි සඳහා භාවිතා කරන උණ්ඩ කොපු 32ක් සොයා ගෙන තිබේ.
කසල ප්‍රවාහන රථයේ රියදුරු සහ රිය සහායක දෙදෙනා මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
රජවීදිය පොලිස් මුරපොලේ නිලධාරීන් විසින් මෙම ලොරි රථය ඇතුළුවීමට පෙර කළ පරීක්ෂාවක දී ලොරි රථයේ තිබූ කුඩා ප්‍රමාණයේ පොහොර උරයක බහා තිබී මෙම පතොරොම් කොපු 32 හමු වී තිබේ.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායකගේ අධීක්ෂණය යටතේ දළදා මාලිගා පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.සේනාධීර ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…