ශ්‍රී ලංකා

වේරහැර ව්‍යාජ රියදුරු බලපත්‍ර සකසන මධ්‍යස්ථානයක් වටලයි !

බොරලැස්ගමුව වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිට රියදුරු පාසලක් තුළ රහසිගතව පවත්වාගෙන ගිය ව්‍යාජ ලෙස රියදුරු බලපත්‍ර සකස් කර දෙන මධ්‍යස්ථානයක් වටලා එහි හිමිකරු සහ තවත් පුද්ගලයකු ව්‍යාජ රියදුරු බලපත්‍ර සහ හොරෙයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

එම සැකකරුවන් සමඟ ජාතික හැඳුනුම්පත් දෙකක්, විදේශ ගමන් බලපත්‍රයක්, තාවකාලික රියදුරු බලපත්‍ර නවයක්, රියදුරු බලපත්‍ර (කාඩ්) හතරක්, ව්‍යාජ ලෙස තාවකාලිකව රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට සූදානම් කර තිබූ දත්ත ඇතුළත් පරිගණක යන්ත්‍රයක්, හොරයින් මත්කුඩු ගෑම් 5 මිලිගෑම් 250 ක් පොලිස් භාරයට ගෙන ඇත.

රියදුරු බලපත්‍ර කාඩ්පත් විදේශගත වන පුද්ගලයන්ට පමණක් මෙම දිනවල නිකුත් කරන අතර එම ක්‍රියාදාමයට මුවාවී බොරලැස්ගමුව වේරහැර මෝටර් රථ දෙපාර්තමේන්තුව ඉදිරිපිට රියදුරු පාසලක් තුළ ඉතා අධික මිලකට රියදුරු බලපත්‍ර සහ තාවකාලික බලපත්‍ර අලෙවි කරන බවට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත.

මෙම ස්ථානයෙන් දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන පුද්ගලයන්ගෙන් රියදුරු බලපත්‍ර කාඩ් පත සකස් කිරීම සඳහා රුපියල් 25,000 ක මුදලක් ද තාවකාලිකව යුතු බලපත්‍රයක් සකස් කිරීම සඳහා රුපියල් 15000 ක් වැනි අධික මුදලක් අය කර ඇතැයි මෙතෙක් සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

15 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

17 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

18 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

19 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

20 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

22 hours ago