2023 (LPL) ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (18) නිවේදනය කළා.
ජූලි 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිත අතර, තරගාවලියේ සමාරම්භක තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.
එම තරගය ජූලි 30 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.
මූලික වටයේ දී එක් දිනකදී තරග දෙක බැගින් පැවැත්වෙන දින 8 ක් මෙම තරග කාලසටහනට ඇතුළත්. මූලික වටයේ අවසන් තරගය අගෝස්තු 15 වැනිදා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම හා ගෝල් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.
අවසන් වටයේ තරග අගෝස්තු 17 වැනිදා සිට ආරම්භ වනවා.
ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක හිමි කර ගත් කණ්ඩායම් දෙක එදින පස්වරු 3.00 ට Qualifier 1 තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි. අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් Eliminator තරගය එදින රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි හා සිව්වැනි ස්ථාන දිනා ගත් කණ්ඩායම් දෙක අතරයි.
අගෝස්තු 19 වැනිදා අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගය පැවැත්වීමට නියමිතයි. ඒ, Qualifier 1 තරගයෙන් පරාජයට පත් වූ කණ්ඩායම හා Eliminator තරගයෙන් ජය ගත් කණ්ඩායම අතරයි.
Qualifier 1 තරගය ජය ගත් කණ්ඩායම හා Qualifier 2 තරගය ජය ගත් කණ්ඩායම අතර අවසන් මහා තරගය අගෝස්තු 20 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති අතර, 21 වැනිදා අතිරේක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මූලික වටයේ තරග 20 න් තරග 12 ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ද, තරග 8 ක් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වීමට නියමිතයි.
අවසන් මහා තරගය ඇතුළු අවසන් වටයේ සියලු තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
තරග කාලසටහන –
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…