සෞඛ්‍ය

පේරාදෙණිය රෝහලේ නිර්වින්දන ඖෂධයක් ලබාගත් තවත් කාන්තාවක් මිය යයි – එන්නතට NMRA අනුමැතියත් දීලා !

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ශල්‍යකර්මයක් සඳහා නිර්වින්දන ඖෂධයක් ලබා දීමෙන් පසුව ඇති වූ සංකූලතා හේතුවෙන් කාන්තාවක් මිය ගොස් ඇතැයි සෞඛ්‍ය වෘත්තීය සමිති ඊයේ (18) අනාවරණ කළා.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ සඳහන් කළා.

ඖෂධ සංකූලතාවය නිසා පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් හිටපු විදුහල්පතිනියක් මිය ගිහිල්ලා තියෙනවා පහුගිය 16 වෙනිදා. මේ වාර්තාවෙන්නේ ඒ ඖෂධය නිසා මිය ගිය දෙවනි මියයාම. ඉතින් පැහැදිලිවම සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කරනවා ඒක ඖෂධ සංකූලතාවයක් කියලා. හැබැයි අපි කියන්නේ මේ ඖෂධය ගෙන්නලා තියෙන්නේ මේ ඖෂධයෙන් ප්‍රතිකාර කරන්න කියලා වෛද්‍යවරුන්ට ලබාදීලා තියෙන්නේ ඒ ඖෂධය භාවිතයට සුදුසුයි කියන නීත්‍යානුකූලභාවය ලබා දුන්න ඖෂධ නියාමන අධිකාරිය.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සංවිධානයේ සභාපති වෛද්‍ය චමල් සංජිව මහතා මෙසේ අදහස් දක්වා සිටියා.

ඖෂධ නියාමන අධිකාරිය තුළ නිසි විශේෂඥ පුහුණුව තියෙන තාක්ෂණික උපදේශක කමිටුවක් ක්‍රියාත්මක නොවීම නිසා අද වන විට අපේ රට ගෙන්වන ඖෂධ වල පරික්ෂා කිරීම සම්බන්ධ වන විද්‍යාත්මක අධ්‍යනයන් ගැන අද ගැටළු මතුවෙලා තියෙනවා. සුදුසුකම් නැති, පළපුරුද්ද නැති නිලධාරීන්, සමහර ඖෂධවේදීන්, සමහර කණ්ඩායම් මේක ඇතුලේ පවත්වාගෙන යන මාෆියාවේ ප්‍රතිඵලයක් විදිහට අද මහජනතාවට තමා බොන බෙහෙත් පෙත්ත තමා ලබා ගන්නා එන්නත ගැන වගකියන්නැති තත්වයක් නිර්මාණය වෙලා තියෙනවා.

කෙසේ වෙතත් මෙලෙස එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා මෙසේ සඳහන් කළා.

ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරිය වගකීමක් ගන්නේ නැහැ. ඒකට සෞඛ්‍ය අමාත්‍යංශය වෙනම ආයතන තියෙනවා. ඒගොල්ලො ගේන්න ඕන ඖෂධ ලියාපදිංචි තියෙන ඖෂධ. නමුත් විනිමය ප්‍රශ්නය නිසා ලියාපදිංචි සැපයුම්කරුවෙක්ගෙන්ම ඖෂධයක් ගන්න විශේෂයෙන්ම පහුගිය කාලේ බැරි වුණා. ඉතින් ඊට අමතරව අපි අර විශේෂ වැඩසටහනුත් ක්‍රියාත්මක කරානේ ඉන්දියානු ණය ආධාර ක්‍රමය වගේ. ඒ වගේ ක්‍රමවේද මගින් ඖෂධ ගෙන්වීමේදීත්, අපේ ලියාපදිංචි ඖෂධම ගේන්න බැරි වුණා. අන්න එහෙම ගෙනාපු ඖෂධයක් තමයි මේ පේරාදෙණිය සම්බන්ධයෙන් තියෙන්නේ. ඒක ලියාපදිංචි නෑ. නමුත් අර විශේෂ විදි විධාන යටතේ ගෙන්වපු එකක්.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago