අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් සහ බේකරි නිෂ්පාදන වල මිල පහලට – නව මිල ගණන් මෙන්න !

අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක සහ සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 10 කින් පහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපතිවරයා මේ බව  ප්‍රකාශ කළේය.

තිරිඟු පිටි නිශ්චිත භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් වෙළෙඳ අමාත්‍යවරයා ජුනි 16 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කළේ.

එවන් පසුබිමක විෂයභාර අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරියේදී කිසිසේත් පිටි මිල වැඩිනොවන බවයි.

පිට මිල වැඩිනොවුනද අනෙකුත් අමුද්‍රව්‍යවල මිල පහළ නොයෑම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් සංගමයේ ප්‍රකාශත් සමග වෙළෙඳ අමාත්‍යවරයා, පාරිභෝගිකයින් ඇතුළු පාර්ශ්ව රැසකගෙන් ඔවූන්ට එල්ල වුයේ දැඩි බලපෑමකි.  

මෙවන් පසුබිමක අද මාධ්‍ය හමුවක් පවත්වමින් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළේ අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ගණන් පහළ දමන බවය. 

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

22 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago