ක්‍රිකට්

ශ්‍රී ලංකා සංචිතයට ඩිල්ෂාන් මදුෂංක, දුනිත් වෙල්ලාගේ සහ සහන් ආරච්චිව කැඳවයි !

සිම්බාබ්වේ හී දී මේ දිනවල පැවැත්වෙන 2023 අයි.සී.සී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත් කර තිබෙනවා.

අවශ්‍යතාවයක් ඇති වුවහොත් සංචිතයට කැදවීමේ අරමුණින් ඔවුන්ව එලෙස අතිරේක ක්‍රීඩකයින් ලෙස සිම්බාබ්වේ වෙත පිටත් කර හැරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

ඒ අනුව වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක, දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ හා පිතිකරු සහන් ආරච්චිගේ සිම්බාබ්වේ බලා පිටත්ව යාමට නියමිතයි.

එම ක්‍රීඩකයින් එළඹෙන 23 වැනිදා බුලවායෝ හී දී ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිත බව ද ක්‍රිකට් ආයතනය සදහන් කළා.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (19) දිනයේ දී සිය පළමු තරගයට ක්‍රීඩා කළ අතර, එම තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය පරදා ලකුණු 175 ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

මෙම තරගය සදහා ආබාධයක් හේතුවෙන් වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ක්‍රීඩා කළේ නැහැ.

මූලික වටයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන මීළග තරගය එළඹෙන 23 වැනිදා ඕමානයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago