ශ්‍රී ලංකා

අධිකරණයට අපහාස කළ ඩයනා ගමගේට එරෙහිව පියවර ගන්නැයි මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි !

අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පියවර ගන්නා ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත අදාළ ඉල්ලීම යොමු කර ඇති බවයි අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතාගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

රාජ්‍ය අමාත්‍යවරියගේ ද්වීත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් තීන්දුවක් පසුගිය අප්‍රේල් මස 24 වනදා ප්‍රකාශයට පත් කෙරුණා. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින්.

කෙසේ වෙතත් පසුගිය මැයි 29 වනදා රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරිය කියා සිටියේ, මෙම තීන්දුව ප්‍රකාශයට පත් වීමට පෙර එය වෙනත් පාර්ශවයක් ලබා ගෙන තිබෙන බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ආවේෂණ පරීක්ෂණයක් සිදු කළ බවත් අප්‍රේල් මස 24 වනදාට පෙර එම තීන්දුව කිසිදු සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ පළ වී නොතිබුණ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා සිටියා.

මේ සම්බන්ධයෙන් ඕෂල හේරත් මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේ වෙතත් ඔහු නඩු තීන්දුව ප්‍රකාශයට පත් කර දින හතරකට පසුව ඔහු එහි පිටපත ලබාගෙන ඇති බව ද අනාවරණ වුණා.

මීට අදාළව ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍යව තිබෙන හෙයින් එම ප්‍රකාශය සටහන් කරගෙන වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

ඕෂල හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම ප්‍රකාශය තුළින් ඩයනා ගමගේ මහත්මිය අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවයි.

ඒ හේතුවෙන් ඇයට විරුද්ධව පියවර ගන්නා ලෙසට පැමිණිල්ලක් අභියාචනාධිකරණය වෙත යොමු කරන ලෙසත් නීතිඥවරයා ඉල්ලීමක් සිදු කළා.

මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

1 day ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

1 day ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

1 day ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

1 day ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago