චීනයේ වයඹදිග නින්ග්සිආ කලාපයේ යින්චුවාන් ප්‍රදේශයේ බාබකිව් අවන්හලක ඊයේ (21) රාත්‍රියේ සිදුවූ ගෑස් පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව චීනයේ රාජ්‍ය මාධ්‍ය පවසයි.
අවන්හල තුළ ඇති ද්‍රව ගෑස් ටැංකියක කාන්දුවක් හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇති අතර එය ඊයේ රාත්‍රී 8.40ට පමණ සිදුව ඇති බව චීන රාජ්‍ය විකාශන ආයතනය කියයි.
විදෙස් මාධ්‍යයවලට අනුව තුවාල ලැබූ හත් දෙනාගෙන් එක් අයකු තවමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවේ.
අනෙක් හයදෙනා සුළු තුවාල, පිළිස්සුම් සහ වීදුරු කැපුම්වලට ලක්ව රෝහලේ ප්‍රතිකාර ලබති. ප්‍රාදේශීය ගිනි නිවන බලධාරීන් වාහන 20 ක් සහ ගිනි නිවන භටයින් 100 කට වැඩි පිරිසක් එම ස්ථානයට යවා ඇති අතර, සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අද අලුයම 4 දක්වා පැවති බව රාජ්‍ය මාධ්‍ය පවසයි.
චීන නායක ෂී ජින් පිං මෙම පිපිරීම “හදවත කම්පා කරවනසුලු” ලෙස හැඳින්වූ අතර එය “ගැඹුරු පාඩමක්” බව පැවසීය.
තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම, ආරක්ෂක අධීක්ෂණය ශක්තිමත් කිරීම සහ නිවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා “සියලු උත්සාහයන්” අවධාරණය කරමින් චීනි ජනාධිපතිවරයා එම ස්ථානයේ සිටින බලධාරීන්ට උපදෙස් නිකුත් කර ඇතැයි චීන රාජ්‍ය මාධ්‍ය කියයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…