එක්දින ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරඟය ඕමාන කණ්ඩායමට එරෙහිව අද පැවැත්වීමට නියමිතයි.
තරඟට මෙරට වේලාවෙන් අද දහවල් 12.30ට ආරම්භ වීමට නියමිතය.
ඊට අමතරව ස්කොට්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගයද අද (23) පැවැත්වෙනවා.
මේ අතර එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තවත් තරග දෙකක් ඊයේ (22) පැවැත්වුණා. නේපාලයට එරෙහිව පැවති තරගය ලකුණු 101කින් ජයගනු ලැබුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.
කොදෙව් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 339ක් රැස් කළ අතර, පිලිතුරු ඉනිම ක්‍රිඩා කළ නේපාල කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 238කට දැවී ගියා. එමෙන්ම ඇමෙරිකාවට එරෙහිව පැවති අනෙක් පුහුණු තරගය ජයගනු ලැබුවේ නෙදර්ලන්තයයි. ඒ කඩුලු පහකින්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇමරිකානු කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ දී කඩුලු අටක් දැවී ලකුණු 211ක් රැස් කළා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත ක්‍රීඩකයින් ජයග්‍රාහී සීමා පසුකර ගියේ කඩුලු 5 ක් පමණක් දැවී තිබියදියි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…