පුත්තලම, කරුවලගස්වැව, හතේ කණුව ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ තිබී මිනිස් හිස් කබලක් සහ අස්ථි කොටස් කිහිපයක් සොයාගෙන තිබෙනවා.
ඒ, ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව කරුවලගස්වැව පොලිසිය විසින් සිදුකළ පරීක්ෂා කිරීමකදීයි.
එම ස්ථානයේ තිබී පාවහන් යුගලක්, පිලිස්සුණු පසුම්බියක්, පිහියක්, ගසක අත්තක ගැට ගසා තිබූ ලණුවක් සහ බිම තිබූ තවත් ලණුවක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙම අස්ථි කොටස් කවරෙකුගේ ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
අස්ථි කොටස් අධිකරණ වෛද්‍ය කටයුතු සඳහා පුත්තලම රෝහලට රැගෙන යාමට නියමිත අතර, පොලිස් ස්ථානීය අපරාධ පරීක්ෂණ නිලධාරීන් සහ කරුවලගස්වැව පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් එරට අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය…
හඳුනානොගත් නීතිවිරෝධී පිරමීඩ යෝජනා ක්‍රම 50කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා…
ඇමෙරිකාව විසින් යෝජනා කරනු ලැබූ තීරු බදු අඩුකර ගැනීම සඳහා අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට තීරණය කර…
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මීට සුළු…
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට රුපියල් මිලියන…