වනිඳු හසරංග හා ලහිරු කුමාරගේ විශිෂ්ඨ පන්දු යැවීම මෙන්ම දිමුත් කරුණාරත්න හා පැතුම් නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ නොබිදුණු සම්බන්ධතාවය හමුවේ ඕමානය සමග 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය යටතේ පැවැති 11 වැනි තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (23) සමත් වුණා.
බුලවායෝහී දී පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 99 ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 15 ක් අවසානයේ දී යි.
අඛණ්ඩව සිය සිව්වැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකය ද වාර්තා කළ දිමුත් කරුණාරත්න පන්දු 51 තුළ නොදැවී ලකුණු 61ක් ලබා ගත් අතර, පැතුම් නිස්සංක නොදැවී ලකුණු 37 යි.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඕමාන කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 98 කට දැවී ගියේ පන්දුවාර 30.2 ක් අවසානයේ දී යි. පළමු කඩුලු 4 ලකුණු 20 ක් තුළ දවා ගැනීමට ලහිරු කුමාර හා කසුන් රාජිත සමත් වුණා.
අනතුරුව ජතින්දර් සිං හා අයාන් ඛාන් 5 වැනි කඩුල්ල සදහා පන්දු 64ක් තුල ලකුණු 52ක සම්බන්ධතාවයක් පිහිටුවීමට සමත් වුණා.
ජතින්දර් සිං ලකුණු 21 කට දැවී ගියේ වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේයි. එම පන්දුවාරයේ දී ම තවත් කඩුලු 2 ක් දවා ගැනීමට වනිදු සමත් වීම කැපී පෙනුණා. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අයාන් ඛාන් පන්දු 60 කින් ලකුණු 41 ක් රැස් කළේ හතරේ පහර 4 ක් සමගින්.
පසුගිය තරගයේ දී කඩුලු 6 ක් දවා ගත් වනිඳු හසරංග මෙම තරගයේ දී ලකුණු 13 කට කඩුලු 5 ක් බිද හෙලුවා. ලහිරු කුමාර ලකුණු 22 කට කඩුලු 3 ක් දවා ගත් අතර, කසුන් රාජිත එක් කඩුල්ලක් දවා ගත්තේ ලකුණු 17ක් ලබා දෙමින්.
තරඟයේ වීරයා බවට පත්වුයේ ඕමාන ඉනිමේ කඩුලු පහක් දඩයම් කල වනිඳු හසරංග.
ශ්‍රී ලංකාව A කාණ්ඩයේ පළමු ස්ථානයට නැවත පැමිණියේ 4.22ක දළ වේගයක් රඳවා ගනිමින්.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…