මොස්කව් ඇල්ලීම නවතී – වැග්නර් හමුදාව පසුබසී !

ලේ වැගිරීම වැළැක්වීම සඳහා සිය හමුදා කණ්ඩායම ආපසු හැරී යන බව වැග්නර් හමුදා ප්‍රධානියා පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ජුනි 23 වන දා මෙම ගමන ආරම්භ කර මොස්කව් සිට කිලෝමීටර් 200කට ආසන්න දුරක් දක්වා පැමිණි බවයි.

එම කාලය තුළ කිසිදු රුසියානුවකුගේ ලේ බිඳක්වත් වැගිරීමට ඉඩ නොතැබූ බවත් ඔහු සඳහන් කර සිටියා.

වැග්නර් ප්‍රධානියා සිය Telegram නාලිකාවේ ප්‍රකාශ කර ඇත්තේ, රුසියානු අගනුවර දක්වා යන සිය ගමන නවත්වන බවයි.

රුසියානු මාධ්‍ය නාලිකාවන්ට අනුව බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ වැග්නර් ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව වැග්නර් ප්‍රධානියා මෙම තීරණයට පැමිණ තිබෙනවා.

ඊයේ දිනයේ ජනතාව ඇමතු රුසියන් ජනපති තම රට හමුදා කැරැල්ලකට මුහුණ දෙමින් ඇති බවත් එහෙත් රටේ සිවිල් යුධ තත්වයක් ඇති නොවීමට පියවර ගන්නා බව ප්‍රකාශ කොට සිටියා.

මේ තත්වය මත මොස්කොව් අගනුවර ජනතාවට නිවසින් බැහැරට යාමෙන් හා වාහන භාවිතයෙන් වලකින ලෙස ද දැනුම් දී තිබුණා. එසේම මොස්කොව් නගරයේ මහජනතාවගේ ඒකරාශී වීම උත්සව තවකාලිකව නවතා දැමීමට නියෝග කරනු ලැබුවා.

එසේම මොස්කොව් නගරාධිපති වරයා පවසන්නේ එළඹෙන සදුදා දින නිවාඩු දිනයක් බවට පත් කර ඇති බවයි. අත්‍යවශ්‍ය හේතුවක් හැර මොස්කොව් නගරයට පැමිණීමෙන් වලකින ලෙස ජනතාවට දැනුම් දුන් අතර, රුසියන් හමුදාවන් මොස්කොව් නගරයේ ආරක්ෂාව තර කරමින් මුරකාවල් දැඩි කරනු ලැබුවේ වැග්නර් ආක්‍රමණයක් සිදු වුවහොත් ඊට මුහුණ දීම සඳහායි.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago