ළමා අපයෝජන සිද්ධියකට අදාලව අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙකු අද (24) අලුයම පොලිස් කූඩුව තුළදී ගෙළවැලලාගෙන මියගොස් ඇතැයි හම්බන්තොට වරාය පොලීසිය පවසයි.
මෙලෙස සිය දිවි නසාගෙන ඇත්තේ අම්බලන්තොට වාදුරුප්පුව, අක්කරකාල්ගොඩ පදිංචි 48 හැවිරිදි වසන්ත පුෂ්පික නැමති අයෙකි.
සැකකරු වයස අවුරුදු 13ක දැරියක ලිංගික අතවර කිරීමේ චෝදනා මත හම්බන්තොට වරාය පොලීසිය විසින් ඊයේ (23) සවස අත් අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරනතෙක් පොලිස් කූඩුවේ රදවා තබා තිබේ.
එම අවස්ථාවේදි සැකකරු පොලිස් කූඩුව තුලදී ගෙළවැලලාගෙන සිය දිවි නසාගෙන තිබේ.
සිද්දිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී කේ.බී.කීර්තිරත්නගේ උපදෙස් පරිදි හම්බන්තොට වරාය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…