ශ්‍රී ලංකා

STF වෙඩි තැබීමකින් ඇඹිලිපිටියේදී පුද්ගලයෙකු මරුට !

ඇඹිලිපිටිය – පනාමුර – වැලිකඩයාය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පසුගිය 17 වැනිදා මිනුවන්ගොඩ බැස්ටියන් මාවත ආසන්නයේදී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තැබූ බවට සැක කරන සැක කාර ඝාතකයා අද (24) අළුයම ඇඹිලිපිටියේ දී විශේෂ කාර්ය බලකාය සමග සිදුවූ වෙඩි හුවමාරුවක් අතර දී මෙලෙස වෙඩි වැදී මිය ගිය බවයි පොලිසිය පවසන්නේ.

වෙඩිතැබීම් රැසක් සම්බන්ධයෙන් අවශ්‍ය සිටි සැකකරුවෙකු වන මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීම සඳහා අද අලුයම සිදුකළ මෙහෙයුමකදී ඔහු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව සඳහන්.

එහිදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එල්ල කළ ප්‍රතිප්‍රහාරවලදී සැකකරුට වෙඩි වැදී අතර, අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 22 හැවිරිදි හිටපු හමුදා සෙබලෙක්.

සැකකරු පසුගියදා මිනුවන්ගොඩ බැස්ටියන් මාවත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමට සහ අම්බලන්ගොඩදී නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට සිදුකළ වෙඩිතැබීමට සම්බන්ධ අයෙකු බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇඹිලිපිටිය පොලිසිය මගින් සිදුකරනවා.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

14 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

16 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

17 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

18 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

19 hours ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

21 hours ago