දිමුත් කරුණාරත්නගේ මංගල එක්දින ජාත්‍යන්තර ශතකය හා යළිත් කඩුලු 5 ක් දවා ගනිමින් වනිදු හසරංග දැක් වූ සුපිරි පන්දු යැවීම හමුවේ 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ 15 වැනි තරගයෙන් අයර්ලන්තය පරදා ලකුණු 133 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියේ සුපිරි 6 වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(25) සමත් වුණා.
මෙම තරගයේ ප්‍රතිපලයත් සමග අයර්ලන්තයට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව ස්කොට්ලන්තය හා ඕමානය ද B කාණ්ඩයෙන් සුපිරි හය වටයට සුදුසුකම් ලබා ගත්තා.
බුලවායෝ හි Queens Sports Club ක්‍රීඩාංගනයේ දී අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.5 අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 325 ක්. 326 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තයට පන්දුවාර 31 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 192 ක් පමණයි.
අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ කර්ටිස් කැම්පර් ලකුණු 39 ක් රැස් කළ අතර, හැරී ටෙක්ටර් ලකුණු 33 කට දැවී ගියා. ජෝර්ජ් ඩොක්‍රෙල් නොදැවී ලකුණු 26 යි. ජොෂ් ලිට්ල් දැවී ගියේ ලකුණු 20 ක් ලබා සිටියදීයි.
පන්දු යැවීමේ දී අයර්ලන්ත ඉනිම සම්පූර්ණයෙන්ම අඩපන කළ වනිදු හසරංග යළි සුපිරි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 79 කට කඩුලු 5 ක් දවා ගැනීමට සමත් වුණා. එය ඔහු අඛන්ඩව කඩුලු 5 ක් දවා ගත් (පළමු තරගයේ දී කඩුලු 6ක්) තෙවැනි අවස්ථාව වීම විශේෂත්වයක්.
කසුන් රාජිත, ලහිරු කුමාර හා දසුන් ශානක කඩුල්ල බැගින් දවා ගත් අතර, මහීෂ් තීක්ෂණ කඩුලු දෙකක් බිද හෙලුවා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ආරම්භක කඩුල්ල සදහා දිමුත් කරුණාරත්න හා පැතුම් නිස්සංක අතර ලකුණු 48 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. පැතුම් ලකුණු 20 කට දැවී ගියා. අනතුරුව යොමු කෙරුණු පළමු පන්දුවෙන්ම කුසල් මෙන්ඩිස් ද දවා ගැනීමට Barry McCarthy සමත් වීම විශේෂත්වයක්.
පසුව තෙවැනි කඩුල්ල සදහා පන්දු 159ක් තුල ලකුණු 168ක සම්බන්ධතාවයක් පිහිටුවීමට දිමුත් සමග පිටියේ එක් වූ සධීර සමරවික්‍රම සමත් වුණා. සධීර අද රැස් කළේ සිය තෙවැනි එක්දින අර්ධ ශතකයයි. ඔහු පන්දු 86 කින් ලකුණු 82 ක් ලබා සිටියදී දැවී ගියා.
සිය මංගල එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කළ දිමුත් පන්දු 103 කින් ලකුණු 103 ක් ලබා ගත්තේ හතරේ පහර 8ක් සමගින්. මෙය ඔහු අඛන්ඩව එක්දින පිටියේ දී ලකුණු 50 සීමාව පසුකළ 5 වැනි අවස්ථාව වීම කැපී පෙනෙනවා.
ඔවුන් දෙදෙනාගේ දැවීයාම්වලින් පසුව ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය තරමක් පහළ අගයක් ගනු ලැබුවා. චරිත් අසලංක ලකුණු 38 කටත්, දසුන් ශානක ලකුණු 5කටත්, වනිදු හසරංග ලකුණු 4 කටත් දැවී ගියා. ධනංජය ද සිල්වා පන්දු 35 කින් නොදැවී ලකුණු 42 ක් රැස් කළා.
පන්දු යැවීමේ දී Mark Adair කඩුලු 4 ක් දවා ගත් අතර, Barry McCarthy කඩුලු 3 බිද හෙලුවා. Gareth Delany බිද හෙලූ කඩුලු ගණන 2ක්.
තරඟයේ වීරයා බවට පත්වුයේ සිය මංගල එක්දින ශතකය වාර්තා කල දිමුත් කරුණාරත්නයි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…