ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා දිවයිනට සම්ප්‍රාප්තවනවිට මෙන්ම දිවයිනෙන් පිටත්ව යන අදාල අංශවලට දැනුම් දෙනු ලැබූ පණිවිඩයක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් අනවසරයෙන් පිටතට පැමිණ වෙබ් අඩවි තුළ සංසරණය වීම සම්බන්ධව වහාම පරික්ෂණයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබේ.
එම අභ්‍යන්තර පොලිස් පණිවිඩය පිටතට හා මාධ්‍ය වෙත අනවසරයෙන් ලබා දුන්නවුන් ගැනත් එම පුවත ප්‍රචාරය කරමින් ජනාධිපතිවරයා ඝාතන තැතත් ඇති බවට ඒ ඔස්සේ සාවද්‍ය තොරතුරු විසුරුවා හළ පුද්ගලයින් පිළිබඳවත් පරීක්ෂණයක් පවත්වා අත්අඩංගුවට ගන්නා ලෙස ඇමතිවරයා මෙම නියෝගයේ සඳහන් කර ඇත.
අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රංශ – එංගලන්ත නිල සංචාරය නිමකොට දිවයිනට ලඟා වීමේදී සාමාන්‍ය පරිදි ජනාධිපතිවරායට හිමි ආරක්ෂක වැඩපිළිවෙළ ශ්‍රී ලංකා පොලීසිය විසින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළා මිස අමුතු දෙයක් සිදුකර නැති බවය.
බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ජනාධිපතිවරයාට එල්ල විය හැකි තර්ජන පිළිබඳ කරුණු 06ක් සම්බන්ධව දක්වා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය අවධාරණය කරමින් එම පණිවිඩය නිකුත් කර තිබිණි.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…