බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂින්කෝ ගේ මැදිහත්වීමෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ වැග්නර් හමුදා ප්‍රධානියා අතර ඇතිකරගත් එකඟතාවකට අනුව මෙහෙයුම් අතහැර දමා රුසියාවෙන් ඉවත් වීමට වැග්නර් හමුදා ප්‍රධානියා තීරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ අනුව මේ වන විට වැග්නර් කණ්ඩායම්, රුසියාවෙන් ඉවත්ව බෙලරුස් වෙත යාම ආරම්භ කර තිබේ. වැග්නර් කුලී සේනාංක යනු යුක්රේනය තුළ රුසියානු හමුදා වෙනුවෙන් මෙහෙයුම්වල නිරත වන සෙබළුන් 25,000කින් පමණ සමන්විත කුලී සේනාංකයකි.
ඔවුන් ඊයේ යුක්‍රේන මෙහෙයුම් අත්හැර රුසියාවට එරෙහිව කැරැල්ලක් ප්‍රකාශයට පත් කරමින්, රුසියාවට අයත් රොස්තව් – ඔන් – දොන් නගරයට ඇතුළු වී එය අත්පත් කරගෙන තිබුණි. ඒ යුක්‍රේනයේ බක්මුට් හි යුද වදිමින් සිටි සිය සේනාංක ඉලක්ක කර මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවට රුසියානු රජයේ හමුදාවට චෝදනා කරමිනි.
එහිදී වැග්නර් ප්‍රධානී යෙව්ගිනී ප්‍රිගෝෂන් අවධාරණය කළේ, රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂූලෝව් සහ හමුදා ප්‍රධානී වැලෙරි යෙරාසිමොෆ් තමන් හමුවී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පිළිතුරු ලබාදිය යුතු බවය.
එසේ නොමැති නම් මොස්කව් අගනුවර වෙත පැමිණෙන බවටද වැග්නර් කණ්ඩායම් ඉන් අනතුරුව තර්ජනය කළේය. ඒ යුක්‍රේන යුද්ධයට එළැඹීමෙන් ගෙවුණු මාස 16 ක කාලය තුළ රුසියාව මුහුණ පෑ ප්‍රබලතම අභියෝගයට වෙමිනි. කෙසේ නමුත් රුසියානු ආරක්ෂක අංශ එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.
රටේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ජාතිය ඇමතූ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මෙම තත්ත්වය සමාන කළේ දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙසය. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ එය පිටුපසින් පැමිණ තමන්ට එල්ල කළ පිහි පහරක් බවය.
මෙවන් පසුබිමක රුසියානු රජයේ ප්‍රබල අභියෝග නොතකමින් වැග්නර් කණ්ඩායම් මොස්කව් වෙත ගමන් ආරම්භ කර තිබූ අතර, අගනගරයට ඉතාමත් ආසන්න ලිපියෙට්ස්ක් නගරය දක්වාම එය පැමිණ තිබුණි. එමෙන්ම නගරය තුළ ප්‍රති ත්‍රස්තවාදී සැලසුම් ක්‍රියාවට නැංවූයේ කටයුතු කෙරුණේ මොස්කව් හි ආරක්ෂාව තර කරමිනි.
ඒ අනුව රතු චතුරස්‍රය ඇතුළු ප්‍රධාන මර්මස්ථාන වසා දැමුණු අතර අගනගරය පුරා සන්නද්ධ රථ ගමන් කර තිබේ. පසුව බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂින්කෝ ගේ මැදිහත්වීමෙන් රුසියාව සමඟ ඇතිකර ගත් එකගතාවයකට අනුව මෙහෙයුම් අතහැර දමා රුසියාවෙන් ඉවත් වීමට වැග්නර් හමුදා ප්‍රධානියා තීරණය කර තිබුණි.
ලේ වැගිරීම් වැළැක්වීම සඳහා සිය හමුදා කණ්ඩායම් ආපසු හැරී යන බව, වැග්නර් හමුදා ප්‍රධානී යෙව්ගනී ප්‍රිගොෂින් ප්‍රකාශ කළේය. වැග්නර් ප්‍රධානී යෙව්ගිනී ප්‍රිගෝෂන් රොස්තොව් රොස්තව් – ඔන් – දොන් නගරය අත්හැර ගිය අයුරු දක්නට ලැබුණි. දෙපාර්ශ්වය අතර ඇතිකරගත් එකඟතාව අනුව වැග්නර් කණ්ඩායම මුළුමනින්ම රුසියාවෙන් ඉවත්ව බෙලරුස් රාජ්‍යය වෙත ගමන් කළ යුතු අතර, ඒ වෙනුවට ඔවුන්ට එරෙහි සියලු අපරාධ චෝදනා අත්හැර දමනු ඇති.
මේ අතර පැවති අර්බුදකාරී තත්ත්වයත් සමඟ වසා දමා තිබූ මොස්කව් ඇතුළ නගර කිහිපයක මාර්ග නැවත විවෘත කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.
ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…
මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…
වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…