ශ්‍රී ලංකා

ශ්‍රී ලංකන් ගුවන් නියමුවන්ගෙන් භයානක හෙලිදරවුවක් !

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැටුප් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් වසරක් තුළ ගුවන් නියමුවන් 70කට අධික ප්‍රමාණයක් සේවයෙන් ඉවත්ව ඇති බව එම ගුවන් සේවයේ ගුවන් නියමුවරු නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරති.

මේ ගුවන් නියමුවන්ගේ හිඟය පිළිබඳව පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර ද පාර්ලිමේන්තුව තුළ හෙළිදරව්වක් කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 470 යානය ඔස්සේ දකුණු කොරියාවට යෑමට සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසකට, ගුවන් යානයක පමාවෙන් එම අවස්ථාව අහිමි වීමේ සිදුවීම පිළිබඳව පාර්ලිමේන්තුවේ දී කම්කරු ඇමතිවරයා විසින් සිදුකළ බරපතල චෝදනාවට අදාලව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ගුවන් නියමුවරු මේ පවතින තත්ත්වය සම්බන්ධව හෙළිදරව් කරති.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නියමුවන් එම නිවේදනය හරහා පෙන්වාදී තිබුණේ ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් නියමුවන්ට ලබාදෙන වැටුප් හා වේතන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ගෙවුණු වසරක කාලය තුළ පමණක් ගුවන් නියමුවන් 70කට අධික පිරිසක් සේවයෙන් ඉවත්ව ඇති බවය.

එමෙන්ම තවත් පිරිසක් ඉවත්වීමේ සූදානමකින් සිටින බව ද ගුවන් නියමුවරු ප්‍රකාශ කළහ.

ගුවන් නියමුවන් 330ක් ගුවන් සේවයේ සිටිය යුතු වුවත්, ගුවන් සේවා පරිපාලනයේ පවතින ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් මේ වන විට සේවයේ සිටින්නේ ගුවන් නියමුවන් 250ක් පමණක් බවද එම නිවේදනයෙන් ඔවුහු පෙන්වා දී සිටියහ.

Ceylon News Factory

Recent Posts

කුසල් පෙරේරා පළමු පිතිකරුවන් 10 දෙනා අතරට !

ජාත්‍යන්තර පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම්වල නවතම යාවත්කාලීන කිරීම මේවන විට ICCය විසින් සිදු කර තිබෙනවා.…

19 hours ago

මෙරට උපත් අනුපාතය පහළ යාම ගැන බැරෑරුම් අණාවරණයක්!

පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා…

21 hours ago

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව මෙන්න – වැඩිම වියදම සෞඛ්‍යයට!

මේ වසරට අදාල විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ…

23 hours ago

​Warne-Muralitharan Trophy : ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට…

23 hours ago

AI භාවිතා කර 19 වසරක් පැරණි ඝාතනයක සුළමුල සොයාගත් කේරළ පොලිසිය!

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව…

1 day ago

දුම්රියේදී ඉන්දීය සංචාරකයෙකුට අකරතැබ්බයක්!

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ඊයේ (08) දින ධාවනය කළ 1007 මගි ප්‍රවාහන දුම්රියේ ගමන්…

1 day ago